randora is still waiting for you to join Twitter…

2 අප්‍රේ
ibis?uid=0&iid=de779a01a9824848b50e16f17acc0e13&nid=156+20+20140401&t=1
Top corners image
llLllr5-_reasonably_small.jpeg
randora is still waiting for you to join Twitter… loadimage
Accept invitation
Did you know that Profit lk is also on Twitter?
Profit lk
envelope-with-logo.png
You can stop getting these emails with people you may know (PYMK) suggestions at anytime. Learn more about PYMK suggestions or find other answers at Twitter’s Help Center.

Twitter, Inc. 1355 Market St., Suite 900 San Francisco, CA 94103

randora sent you an invitation

29 මාර්තු
ibis?uid=0&iid=20b3d2f1b9d6444b86615ea0226130ed&nid=9+20&t=1
Top corners image
llLllr5-_reasonably_small.jpeg
randora has invited you to join Twitter! loadimage
Accept invitation
envelope-with-logo.png
You can stop getting these emails with people you may know (PYMK) suggestions at anytime. Learn more about PYMK suggestions or find other answers at Twitter’s Help Center.

Twitter, Inc. 1355 Market St., Suite 900 San Francisco, CA 94103

randora 15/01/2013

15 ජන

මිනිසා ඉතා දොම්නසින් අහිමි කරගනිමින් සිටිනා නිදහස බේරාගන්න-අරුණි ශපිරෝ ලියයි.

(www.randora.lk-15/01/13)- ලෙනාර්ඩ් ඊ. රීඩ් (1898-1983) ඇමෙරිකන් ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රය වෙනුවෙන් නොබියව පෙනී සිටියෙකි. ඔහු 1946 දී ආර්ථික අධ්‍යාපන පදනම පිහිටුවා තවත් වසර 37 ක් නිදහස කුමක් දැයි කියා දෙන්නට නොනැවතී වෙහෙසුනෙකි.

“මම, පැන්සල” නමින් ඔහු 1958 දී ලියූ රචනාව අර්ථ ශාස්ත්‍රය හදාරන සෑම අයෙකුම කියැවිය යුත්තකි.

පැන්සලක් කියන ඒ වංශ කතාවෙන් ඔහු අපට කියාදෙන්නේ ස්වභාව ධර්මයේ හාස්කමකි. එය මිනිස් ස්වභාවය ගැන වූවකි. එය ඇඩම් ස්මිත් ලියූ අදිසි හස්තය ගැන වූවකි. එය ෆෙඩරික් බැස්ටියාට් ලියූ දැනුම ඇත්තේ සමාජයේ විසිරිලා යන්න පැහැදිලි කරන්නකි. ඒ නිසාම මිල තීරණය කරන්නට සමත් වූවෙක් ලොව නැතැයි කියන්න පහදන්නකි. ඒකීය මිනිස් උත්සාහයන් නිසා සමාජය යහපත් වේ ය යන්න ඔප්පු කරන්නකි. මාස්ටර් මොළයක් කිසිවෙකුට නැති නිසා ආර්ථිකයක දිවිනැඟුමක් ‘සැලසුම්’ කරන්න දත් කිසිවෙක් ලොව නැති බව පෙන්වා දෙන්නකි.

‘මම, පැන්සල’ සිය වංශ කතාව පටන් ගන්නේ උතුරු කැලිෆෝර්නියාවේ සහ ඔරිගන් ප්‍රාන්තයේ වැවෙන සීඩර් නම් වූ ගසකින්. සීඩර් ගහක් කපන්නට එකතු වෙන ශ්‍රමිකයන් ගැන පැන්සල කියයි. ඔවුන් ගහ කපන්න පාවිච්චියට ගන්නා කියත හදන්න එකතු වූ ශ්‍රමිකයන් ගැන හිතන්න යැයි අපිට ආරාධනා කරයි. කියතේ යකඩ සඳහා පතල් කනින්න, යකඩ කියත් හදන්න, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර වලට මෝටර් හදන්න ආදී වශයෙන් ද, ගහ කපන්න බඳින කඹ සඳහා හණ වවන්න, ලණු අඹරන්න, ප්‍රවාහනයට යනාදියෙන් ද සහභාගී වූ අය මෙන්ම, ගස් කපන කඳවුරේ නිදන ඇඳන් හදන්න, ඔවුන් බීපු කෝපි සඳහා බ්‍රසීලයේ කෝපි ඇට කඩන අය දක්වා සහභාගී වෙන පිරිස කොතරම් දැයි පෙන්වා දෙයි.

මම, පැන්සල තමන් තුල මිනිරන් ඇතැයි කිව්වට මිනිරන් ඇත්තෙ නැහැයි කියයි. රීඩ් සරල උපකරණයක් වූ පැන්සලක සංකීර්ණත්වය පෙන්වා දෙයි. ලංකාව ගැන ද රචනාවේ සඳහන් වෙන්නේ මිනිරන් පතල් කනින අය සම්බන්ධයෙනි. ඔවුනට අවශ්‍ය උපකරණ හදන අය, කනින මිනිරන් ප්‍රවාහනයට සුදුසු කඩදාසි මලු හදන අය, මලු ගැට ගහන ලණු හදන අය යනාදී වශයෙන් ඔහු කොතරම් පිරිසක් තම දැනුම පැන්සලක් හදන්නට එකතු කරනවා දැයි පෙන්වා දෙයි.

එසේ පැහැදිලි කරමින් ‘මම, පැන්සල’ බිහිවූයේ කෙසේදැයි විස්තර කරද්දී පෙන්වා දෙන වැදගත් කරුණක් නම් මේ මිහිමත ඉන්නා කිසිම තනි පුද්ගලයෙක් පැන්සලක් වැනි සරල උපකරණයක් වත් තනිවම හදන්න දන්නේ නැතැයි පෙන්වා දීමයි. සරල උපකරණයක් වූ පැන්සල හදන්නට සහභාගී වෙන දස දහස් සංඛ්‍යාත පිරිස අතරින් එක මිනිසෙක් දන්නේ ඔවුන් අතර ඉතාමත් ඉතා ඇබිත්තක් දෙනා ගැන පමණක් බවත් පැන්සලේ වංශ කතාව පෙන්වා දෙයි.

සියල්ල දන්නා මාස්ටර් මොළයක් නැති නිසා, සියල්ල හසුරුවන්නේ නැතිව, එකිනෙකාව නොදන්නා වූ, ඒකීය පුද්ගලයන් ගණනය කළ නොහැකි තරම් සංඛ්‍යාවක්, තනි තනිව තම තම අපේක්ෂාවන් සපුරා ගන්නට කටයුතු කිරීම නිසා නොහොත් අදිසි හස්තය ක්‍රියාත්මක වීම නිසා පැන්සල උපත ලබයි.

පැන්සල හදන්නට සහභාගී වෙන අය සියල්ලන්ම පැන්සලක් හදන්න ඕනෑ යන අරමුණෙන් ඊට සහභාගී වූවන් ද නොවේ. වෙනත් අවශ්‍යතා සහ කැමැත්තන් සපුරා ගන්නට තම කුසලතාවයන් හුවමාරු කරගන්නා සමාජයක් තුලින් පැන්සලක් බිහිවෙන්නේ අතුරු ප්‍රතිඵලයක් හැටියටය. පැන්සල් කොම්පැණියේ අයිතිකරුවා ද පැන්සල හැදීමෙන් සාක්ෂාත් කරගන්නේ තම කුසලතාවයන් තමනට අවශ්‍ය වෙනත් උවමනාවන් වලට හුවමාරු කරගැනීමට යොදා ගැනීමයි.

තෝරා ගැනීමට නිදහසක් පවතින කල එයින් පෙන්වන්නේ වෙළඳපොලේ බලය ප්‍රිය උපදවන දෑ නිර්මාණයට යෙදවෙනවා කියාය. මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ වදන් වලින් කිව්වොත් “අපි කඩයකට ගොස් පැන්සලක් මිල දී ගන්නා හැම අවස්ථාවක දී ම, අපෙන් ඇබිත්තක් දී පැන්සලක් හදන්න දහස් ගණනක් විසින් දුන් සහයෝගයෙන් ඉතා ඇබිත්තක් අපි හුවමාරු කරගන්නෙමු.”

සරල උපකරණයක් වූ පැන්සලේ කතාව සදාකාලිකව වෙනස් නොවන සරල සත්‍ය සිද්ධාන්තයකට උදාහරණයකි. පැන්සලක් මෙන්ම වාහනයක්, ගුවන් යානයක් හෝ වෙනත් ඕනෑම උපකරණයක් සඳහා ද මාස්ටර් මොළයක් නොමැතිව අපි නොදන්නා දහස් ගණනක පිරිසකගේ සහාය අපිට හුවමාරුවට ලැබෙන හැටි මෙයාකාරයෙන් කෙනෙකුට විමසා බැලිය හැකිය.

මිනිසා ඉතා දොම්නසෙන් අහිමි කරගනිමින් සිටිනා නිදහස බේරාගන්නට නම්, සමාජයක් සංවිධානය විය යුත්තේ සියළු නිර්මාණශීලී උත්සාහයන්ට ඉඩක් ලැබෙන ලෙසින්ය. නිදහස් මිනිසුන්ට නිදහස් ලෙසින් ක්‍රියා කරන්නට ඇති බාධා පමණක් ඉවත් කරගන්නට නීති පද්ධතියෙන් සහාය ලැබෙන සේ වෙනස් කරගත යුත්තකි. නිදහස් මිනිසුන් ගැන විශ්වාසයක් නැතිව නිදහස ඇතිවෙන්නේ නැතැයි ලෙනාර්ඩ් රීඩ් මේ පුංචි රචනාවෙන් පෙන්වා දෙයි.

………………………………………………………………………………………………………………………

ලංකා බැංකුවේ නව සභාපති -රසීක් සරුක්

(www.randora.lk-15/01/13)- ශ්‍රී ලංකා වේ විශාලතම රාජ්‍ය හා වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපති ලෙස ජනාධිපති නිතීවේදි රසීක් සරුක් මහතා මේ සතියේ වැඩ භාර ගැනිමට නියමිත බව රජයේ ආරංච් මාර්ග පවසයි.

ලලිත් ඇතුළත්මුදලි සමයේ සතොස සභාපතිව සිටි ඒ මහතා මාතර ශාන්ත සර්වේසර්ස් හා කොළඹ සහිරා යන පාසැල් වල අදි ශීෂ්‍යයකි.

පසුව යුගොස්ලොවියාව,හංගේරියාව හා සිංගප්පුරුවේ තකාපති හා මහ කොමසාරිස් ධුරද හෙතෙම දැරිය.

පුරා සය වසරක් අඛණ්ඩව ලංකා බැංකුවේ සභාපති ධුරය ලද ගාමිණි වික්‍රමසිංහ මහතා පසුගිය 08 දා සිය ධුරයට සමු දුන්නේය.
…………………………………………………………………………………………………………………………

මහ බැංකු අධිපති පුතු හේලීස් අධ්‍යක්ෂක ධුරයට බැහැ කියයි.

(www.randora.lk-15/01/13)- මහ බැංකු අධිපති නිවාඩි කබිරාල්ගේ ඉංජිනේරු පුත් චතුර වී කබිරාල් මහතා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් හේලීස් එමි.ජි.ටි නිටිං සමාගමේ අධ්‍යක්ෂක ධුරයක් සදහා කර තිබු නමි කිරිම ඔහු විසින් ඉවත දමා ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.

කාර්මික ඉංජිනේරුවෙකු වන හෙතෙම කලක් ජෝන් කීල්ස් සමුහ ව්‍යාපාරයේ හෝටල් අංශයේ සේවයේ නිරත ව සිටි අතර දැන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරයි.

චන්ද්‍රකා කුමාරණතුංග සමයේ හිටපු අධ්‍යාපන අමාතයාංශ ලේකම් වරියක වු තාරා ද මෙල් මහත්මියගේ පුතනුවන් වු දේශාන් ද මෙල් ද හේලීස් සමුහ ව්‍යාපාරයේ ඉහළ නිලයක් දරන අතරේ සම්පත් බැංකුවේ අධ්‍යක්ෂක ධුරයක්ද දරයි.
………………………………………………………………………………………………………………………………….

Guide To CSE-04: කවුද? අපේ කොටස් වෙළෙඳ පොළේ ඉන්න ගැනුම් කරුවෝ?විකුණුම්කරුවෝ?

(www.randora.lk-15/01/13)- මෙහිදි, ගැනුම්කරුවෝ විකුණුම්කරුවෝ වන්නේත් අනිකුත් වෙළෙඳ පොල වල් වගේම ඔබ අපිමයි.ඒ කියන්නේ තනි පුද්ගලයින් වශයෙන් සුළු පරිමාන ආයෝජකයින් (Retail investors) ලෙස අපට මේ කොටස් වෙළෙඳ පොල කාර්යයට මැදිහත් වෙන්න පුළුවන්.

ඒ එක්කම,ආයතනගත ආයෝජකයෝ (Institutional Investors) ඉන්නවා.ඒ අය අතරේ සේවක අර්ථ සාධක අරමුදල,සේවක භාරකාර අරමුදල වගේ දේශීය විශ්‍රාමික අරමුදල් වගේම විදෙස්ගත විවිධ අරමුදල් ඉන්නවා.ඒ හැරෙන්නට විවිධ සමාගම්,සංස්ථා හා ආයතන මට්ටමින් කොටස් වෙළෙඳ පොල ක්‍රියාදාමයට මැදිහත් වෙන්න පුළුවන්.

මේ හැරෙන්නට ජොන් කීල්ස් සමාගමේ විශාලතම තනි අයිතිකරුවා වන සෝලි කැප්ටන්,වැලිබල් වන් සමාගම් සමුහයේ ඉහළ නිලතල හා හිමිකාරිත්වයක් දරන ධම්ම්ක පෙරේරා,නිමල් පෙරේරා වගේ මහ පරිමාණ තනි ආයෝජකයොත් (High net worth Investors) මෙහි විශාල පෙරළි කරනවා.
…………………………………………………………………………………………………………………………

මාලේ රැල්ල ආපසු හැරේ

(www.randora.lk-15/01/13)- යුරෝපා ආර්ථීක අර්බුද සහ තම අභ්‍යන්තර දේශපාලන අර්බුද හමුවේ තමන් ගිය වසරේ අපේක්ෂා කල මිලියනයේ සංචාරකයා ගෙන්වා ගැනිමට අපොහොසත් වු බව මාලදිවයින් සංචාරක අමාත්‍යාංශය කියයි.

කෙසේවෙතත්,2011 වසරේ වු 931,333 ක් වු මුළු සංචාරක ආගමනයට වඩා සියයට 2.9 ක වර්ධනයක් අත්පත් කර ගනිමින් සංචාරකයින් 958,027 ක් තමන්ට ආකර්ෂණය කර ගැනිමට හැකි වු බව එරට සංචාරක දත්ත උපුටා දක්වමින් එහි මාධ්‍ය වාර්තා කියයි.

කෙසේවෙතත්,තමන් මේ 2013 වසරේ එම මිලියනයේ සංචාරක ඉලක්කය සපුරා ගන්නා බවත් තමන් ඒ සදහා සැලසුමක් සකස් කරන බවත් ,ශ්‍රී ලංකාව හෝ සීසෙල්ස් දිවයින හා සංසන්දනය කර නොලබන ලෙසත් පවසන එරට බලධාරිහු තමන් සතුව ඉතා ඉහළ අගයකට තක්සේරු වු සංචාරක කර්මාන්තයක් ඇති බවද කියයි.

මාලදිවයිනේ යුරෝපා සංචාරක ආගමනය 2011 වු 537,757 වඩා සියයට 3.7 කින් පහළ යමින් 2012 දි 517,809 වි ඇත.

Maldives falls 40,000 short of million tourist target for 2012 – Minivan 13.1.13

By Luke Powell

The Maldivian government has narrowly failed to reach its target of one million tourist arrivals for 2012, according to figures released by Ministry of Tourism, after a year of political turmoil and an economic slump in key markets.

Despite arrivals falling short by roughly 42,000 tourists, figures released by the ministry have shown that overall arrivals rose 2.9 percent from 931,333 in 2011 to 958,027 in 2012.

Prior to the release of the figures, Tourism Minister Ahmed Adheeb predicted that while there may be a shortfall of roughly 20,000 in 2012, he was confident the ministry could achieve the one million mark in 2013.

“There were a lot of hiccups last year with the political turmoil that the country experienced. It is important that we do not compare ourselves to other destinations like Sri Lanka or Seychelles, as our tourism market is very different. We have a high-value tourism market.

“We will formulate a strategy to go forward this year and later this month [January] we are going to finalise the fourth master plan of tourism. I am sure we will get one million tourists in 2013. I can assure you of it,” Adheeb told Minivan News earlier this month.

Figures released by the tourism ministry show that Europe, which accounted for 54 percent of all tourist arrivals in 2012, fell by 3.7 percent from 537,757 in 2011 to 517,809 in 2012.

Arrivals from the United Kingdom – the second highest share of European arrivals to the Maldives this year – continued to fall from 104,508 in 2011 to 91,776 in 2012 – a 12.2 percent drop.

Germany took over the UK in 2012 as having the largest share of European arrivals to the Maldives, growing by an extra 7,834 arrivals from 90,517 in 2011. The 8.7 percent increase in arrival numbers, meant that Germany was accountable for 10.3 percent of all tourist arrivals in 2012.

Italy, which had the second highest arrival share of European tourists in 2010, fell drastically in 2012 by 24.4 percent from 83,088 arrivals to 62,782.

Meanwhile, tourist arrivals from ‘Asia and Pacific’ regions continued year-on-year growth from 2010, increasing by 10.2 percent from 2011 and accounting for a 40.1 percent share in the overall market at 384,506 arrivals in 2012.

Shift to ‘low yield’ Chinese tourists

Chinese arrivals continued to grow in 2012, with a 15.6 percent increase from 198,655 in 2011 to 229,551 in 2012.

Chinese tourists now account for the largest share of arrivals from any nation in 2012 standing at 24 percent, a massive increase from Chinese arrival figures in 2009 which stood at 60,666.

Despite the high number of Chinese tourists, tourism experts stated back in 2010 that Chinese guests were relatively ‘low yield’ despite their high numbers.

Speaking to Minivan News in 2010, the now former Secretary General Maldives Association of Tourism Industry (MATI), Sim Mohamed Ibrahim, said Chinese tourists tended to spend less than their European counterparts.

“The Chinese who come do not come for the sun and the beach – they come because the Maldives is a novelty, a safe destination, and because of their new-found freedom to travel. Resorts are saying there are not many repeat visitors from China,” he said at at he time.

Tourism growth slowed to less than one percent in 2012

Tourism growth meanwhile slowed to less than one percent in 2012. While the tourism industry grew by 15.8 percent in 2010 and 9.1 percent in 2011, the industry’s growth in 2012 was expected to be 0.7 percent.

The two main reasons cited by the Finance Ministry for the anaemic growth were “the political turmoil the country faced in February” and a decline in the average number of nights tourists spend in the country “as a result of a decline in the average number of days a tourist spent in the Maldives.”

On average, tourism accounted for 28 percent of GDP during the past 10 years.

Despite the widely reported Ibrahim Nasir International Airport (INIA) disputebetween the Indian infrastructure giant GMR and the Maldivian Government in December last year – as well as claims of anti-India sentiment within the country – arrivals from India increased by 34 percent in December compared to the same month in 2011.

The largest increase in tourist arrivals compared to 2011 was from the Middle East, which saw close to a 50 percent rise in arrivals for 2012 at 21,843 from 14,570 in 2011.

Arrivals from United Arab Emirates grew the highest in percentage from 2011 by 76.6 percent. Despite the high percentage growth however, the number of tourists was comparatively low to other countries standing at 4,047 in 2012.

MVR 70 million tourism marketing budget in 2012

The Maldives Marketing and Public Relations Corporation (MMPRC) was allocated a budget of MVR 70 million (US$4.5 million) in 2012 to conduct marketing activities for the year, almost double the 2011 budget of US$2.3 million, which saw the country receive 900,000 tourist arrivals.

Following February’s controversial transfer of power, the incoming government of President Dr Mohamed Waheed Hassan sought to utilise public relations groups and advertising to try and offset the impact of negative news headlines resulting from the controversial nature of the change in government.

That focus included a US$250,000 (MVR3.8million) advertising deal to promote the country’s tourism industry on the BBC through sponsorship of its weather services, as well as signing a £93,000 per month (US$150,000) contract with public relations group Ruder Finn to try and improve the country’s image internationally.

Maldives tourism authorities said back in October that they were confident the country would meet its one million visitor target, despite ongoing “political turmoil”.

Registered beds up, occupancy rates down

According to the 2012 statistics released by the Tourism Ministry, the average number of registered beds between resorts, hotels, guest houses and safari vessels stood at 27,702 in 2012 – an increase of 1,346 from 2011.

Despite the increases in tourism arrivals, bed nights fell from 6,529,200 in 2011 to 6,450,794 – a total drop of 1.2 percent – and the average days spent in the Maldives by tourists fell from 7.0 days in 2011 to 6.7 days in 2012.

Occupany rates also fell across all types of accommodation aside from a 1.9 percent increase on safari vessels. Altogether the occupancy rates fell from 73.1 in 2011 to 70.6 in 2012.

Maldives top five markets by visitor numbers (2012)

China: 229,551

Germany: 98,351

United Kingdom: 91,776

Russia: 66,378

Italy: 62,782
…………………………………………………………………………………………………………………………

TUESDAY markets;පෑන් ඒෂීයන් පවර් හා සෙන්ට්‍රල් ෆීනෑන්ස් රැල්ලක් මැද බ්ලු චීප් වෙළෙඳ පොළ නැග්ගුවේ මෙහෙමයි(අද නිකුත් වු තැරුවිකාර පර්යේෂණ වාර්තා ඇමුණුමද බලන්න)

(www.randora.lk-15/01/13)- රජයේ නිවාඩු නිසා දින 04 කට සිමා වු මේ සතියේ කොටස් වෙළෙඳ පෙළ ධනාත්මක ආරම්භයක් ලද අතර ඒ සදහා බිලු චීප් හෙවත් මහගු සතු සමාගම් හි ගනුදෙනු බලපාන ලද බව තැරුවිකරුවෝ පවසති.

සියළු කොටස් මිල දර්ශකය ඒකක 5750දක්වා ඒකක 4 කින් ඉහළ ගියේය.

පිරිවැටුම රුපියල් මිලියන 728 ක් විය.Turnover = LKR.728 Million (Approx. USD = 5.8 Million) vs. 12-month average daily turnover of LKR.909 Million
(USD =6.9 Million)

සමපේක්ෂණ චේතනාවෙන් අවදානම් ආයෝජන පසු පස හඹා යන ආයෝජකයෝ අද පෑන් ඒෂීයන් පවර් හා සෙන්ට්‍රල් ෆීනෑන්ස් ලුහු බදිමින් සිටි බව කොටස් වෙළෙඳ පොළ තැරුවිකරුවෝ පවසති.

ඒ අනුව සෙන්ට්‍රල් ෆීනෑන්ස් (මෙහි කොටස් 167,000 ක් අද ගනුදෙනු විය) කොටසක මිල රුපියල් 176.60 සිට රුපියල් 180 දක්වා අද අගය ඉහළ යාමකට ලක් වු අතරේ පෑන් ඒෂීයන් සමාගමේ ගනුදෙනුවක් පිළිබඳ පැතිර යන කතා හමුවේ එහි කොටස් මිලියන 4 කට වැඩි ප්‍රමානයක් රුපියල් 2.90 ත් 3 ත් අතර මිලකට ගනුදෙනු වු බව ඔවුහු පවසති.

සෙන්ට්‍රල් ෆීනෑන්ස් CFIN.N0000 හි හොද කාර්තු වාර්තා ආයෝජකයෝ අපේක්ෂා කරනවා.ඇත්තෙන්ම,මෙම කාර්තු වාර්තා නිල වශයෙන් නිකුත් විමට පෙර එවායේ අභ්‍යන්තර පාර්ශව එහි දත්ත එළියට නිකුත් කරන වාතාවරණය හමුවේ දකින්නට ඇති උනන්දුවකුයි අද මේ දක්නට ඇත්තේ.ඒවායේ ඇත්ත නැත්ත තහවුරු නැතත් ආයෝජකයෝ විවිධ කට කතා හමුවේ අනිසි මිල පිඩනයක් මේ වන විට ඒ වටා ලබා දෙමින් පවතින බව තැරුවිකාර නියෝජිතයෙකු කීය.

අද උදැසන කොමාර්ෂල් බැංකුවේ කොටස් 2,068,800 ක් රුපියල් 105 බැගින්ද ජෝන් කීල්ස් කොටස් ලක්ෂ 4.5 ක් රුපියල් 225 බැගින්ද ක්‍රොෂිං ගනුදෙනු ලෙස වාර්තා විය.

මහ පරිමාණ ආයෝජන ඇස සමිපත් බැංකුව වෙත යොමු වෙමින් එහි කොටස් ලක්ෂ 03 ක් රුපියල් 202 හා 205.5 මිලකට හුවමාරු විය.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් සහ ෆීනෑන්ස් CIFL.N0000 හි නව ප්‍රධාන විධායක ඒ.පී ගාමිණි කරුණාතිලක මහතා පත් කර ඇතැයි මේ අතරේ කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.

කලින් එම තනතුර දැරු ජයන්ත් වික්‍රමරත්න මහතා එම ධුරයෙන් ඉවත් කල බව සදහන්ය.

මේ අතරේ ඇල්පිටිය වැවිලි සමාගමේ එල්.එන් ද සිල්වා විජේරත්න මහතා එහි අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් වි ඇත.

Sectors =
Gainers Beverage Food and Tobacco 0.90%
Banks Finance and Insurance 0.81%
Manufacturing 0.47%
Losers Footwear and Textiles 5.03%
Investment Trusts 2.08%
Stores and Supplies 2.07%

………………………………………………………………………………………………………………………………………..

කොළඹ කොටස් අද බිමට දැමු ඇමෙරිකාවේ වික්ටෝරියාගේ කතාව කියවන්න

(www.randora.lk-15/01/13)- ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ශ්‍රීරාණි බණ්ඩාරණායක මහත්මිය ධුරයෙන් පහ කිරිම සදහා ලක් රජය ක්‍රියා කල ආකාරය මගින් මෙරට ඉදිරියේදි විදේශ ආයෝජන ලබා ගැනිමේ දුෂ්කරතාවයන්ට ලක් වෙනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Victoria Nuland පවසයි.

ඇයගේ මෙම ප්‍රකාශයත් සමගින් අද උදැසන ඉහළ ගොස් තිබු කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 4.60 කින් දිනය අවසන් වන විට පසු බැස්ස බව තැරුවිකරුවෝ පවසති.

අපි ලංකාවේ දෝෂාභීයෝග ක්‍රියාදාමය ඉතා පුළුල්ව අධ්‍යයනය කරනවා.එය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට පිටු පාලයි ක්‍රියාත්මක වි ඇත්තේ.ඒ සමගින් බලය බෙදිම සම්බන්ධයෙන් බරපතල ගැටළු කිහිපයක්ද මේ හරහා මතු වෙනවා.එය ප්‍රජාතන්ත්‍රවාදි රජයක මුළික සිද්ධාන්ත වලට පටහැනිව සිදු වන්නක්.

මේ ආකාරයෙන් නිදහස් හා ස්වාධින අධිකරණයකට බාධාවන ක්‍රියාදාම රටේ විදේශ ආයෝජන ආකර්ශණය අකර්මන්‍ය කරන දෙයක් වේවි.

මහ බ්‍රිතාන්‍යය,යුරෝපා සංගමය ,කැනඩාව හා එක්සත් ජාතින්ද මේ තත්ත්වය විමර්ශනය කරමින් දැනටමත් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල ගැටළු රැසක් මේ හරහා දැන් මතු වෙන්න පුළුවන්.

…………………………………………………………………………………………………………………………………………

සපත්තු නිපදවන සැම්සන් සමුහයේ DSI Holdings ණය ශ්‍රේණිය පහළට ෆීච් කියයි

(www.randora.lk-15/01/13)- ශ්‍රී ලංකාවේ සපත්තු නිෂ්පාදන ව්‍යාපාරයේ ප්‍රමුඛයා වන DSI Holdings Limited’s (DSIHL) හි ජාතික දිගු කාලින ණය ශ්‍රේණිගත කිරිම සෘණාත්මක ඉදිරි දැක්මක් සහිතව ‘A-(lka)’ සිට ‘BBB+(lka)’ දක්වා අව ශ්‍රේණිගත කිරිමකට ලක් කල බව ෆීචි රේටිං ලංකා ආයතනය කියයි.

එහි තොලන තත්ත්වයන් ‘BBB+(lka)’ වර්ගිකරණය ඇති සමාගම් හා සම මටිටමේ තිබෙන බවත් එහි මෙහෙයුම් කටයුතු වල ප්‍රගතියක් ඉදිරි මාස 12 හා 18 තුල නොලැබුණහොත් තවදුරටත් එහි ණය ශ්‍රේණිය පහළ හේලිමට සිදු වන බවද ෆීච් පවසයි.

The rating agency said the company’s leverage had remained at levels more in line with ‘BBB+(lka)’ rated firms.
The negative outlook indicated that a further downgraded may be possible in the next 12 to 18 months if operational improvement take longer than expected resulting in an increase in leverage.

Fitch Downgrades Sri Lanka’s DSI Holdings to ‘BBB+(lka)’; Outlook Negative

Fitch Ratings-Colombo/Seoul/Singapore-15 January 2013: Fitch Ratings has downgraded DSI Holdings Limited’s (DSIHL) National Long-Term rating to ‘BBB+(lka)’ from ‘A-(lka)’. The Outlook is Negative.

The downgrade reflects Fitch’s view that DSIHL’s medium-term net leverage – measured as consolidated lease-adjusted debt net of cash/operating EBTIDAR – is likely to remain over 3x. This follows the company’s recent guidance for increased capex and Fitch’s expectations of only a gradual improvement in its inventory days. Leverage was 3.42x for the financial year ended March 2012. Such leverage is more in line with a ‘BBB+(lka)’ rating, given the company’s business risk profile.

The Negative Outlook indicates that a further downgrade is possible in the next 12 – 18 months if expected operational improvements take longer than expected, resulting in net leverage being sustained beyond 4.25x, or interest and operating lease rental coverage (measured as operating EBITDAR/gross interest expense + operating lease rentals) falling below 1.5x. The latter was 1.53x at end-Q2FY13 and 2.56x at FYE12.

DSIHL’s rating continues to reflect its market leadership in the Sri Lankan footwear industry, its strong brands, a diverse product range, as well as its wide retail- and distribution network. Key risks include competitive pressure from small- and medium-scale manufacturers, and exposure to global crude oil- and rubber prices through its raw materials. The company is also exposed to exchange rate risk as a significant portion of its raw materials are imported.

In common with other domestic footwear manufacturers, DSIHL is protected by high tariffs on imported footwear. A sharp reduction or removal of tariffs seems unlikely given Sri Lanka’s weak balance of payments. Fitch also believes DSIHL’s brand- and distribution strengths should, to a certain extent, help protect its market position, if import tariffs were removed or reduced sharply.

DSIHL’s net leverage increased in FY12 mostly on account of higher debt utilised to fund higher inventory days and capex, as sales fell below expectations. Weaker sales were in turn due to weaker demand since end-2011 stemming from higher inflationary pressures, as well greater price competition within the industry. Consequently DSIHL’s consolidated EBITDAR margins fell to 14% at FYE12 (FYE11: 17%). Fitch expects DSIHL’s EBITDAR margins to reduce further in FY13 as the company winds down its inventory, before stabilising at around 13%-14% over the medium-term, helped by the group’s revised pricing strategies and a shift towards franchised sales-outlets.

DSIHL expects to raise capital expenditure for FY13-FY15 to an estimated 7% of revenue compared with a historical average of around 4% over FY05-FY10, driven primarily by construction of a head office building for its retail division. Capex also includes improvements to DSIHL’s retail network and a LKR350m investment in a 2MW hydro power generation plant. Fitch expects capex to be debt-funded, which could weaken DSIHL’s interest and operating lease rental coverage further as interest rates on bank borrowings are unlikely to fall at least in the near-term.

At end-Q2FY13, DSIHL had sufficient cash reserves and approved, but unutilised, bank lines (LKR85.3m and LKR870.8m respectively) to meet an estimated LKR321m of term debt maturing in FY14 and FY15. However, Fitch expects DSIHL to generate negative free cash flow (operating cash inflows after deducting capex and dividends) in the medium-term due to high capex, which means that the company will have to draw down on additional bank credit to fund the deficit. Nevertheless, liquidity risk is not a serious risk given DSIHL’s access to domestic banks, and projected improvements in working capital management.

DSIHL is wholly owned by the D. Samson Group (DSG). DSG’s operations mainly consist of DSIHL and a company that manufactures and exports bicycle tyres. Fitch views the business risk of this exporter as being higher than DSIHL, given its evolving share in key export markets, and greater demand volatility for bicycle tyres across economic cycles, compared with footwear. DSG has full control of DSIHL’s cashflow, and therefore a material weakening of DSG’s credit profile can also result in pressure on DSIHL’s rating.

WHAT COULD TRIGGER A RATING ACTION?

Negative: Future developments that may, individually or collectively, lead to a negative rating action include:

-Net leverage above 4.25x on a sustained basis or

-Interest and operating lease rental coverage falling below 1.5x

-A weakening of DSG’s credit profile

Positive: Future developments that may, individually or collectively, lead to a Positive rating action include:

-Net Leverage sustained below 4.25x and

-Interest and operating lease rental coverage sustained above 1.5x
………………………………………………………………………………………………………………………………………..

මෙන්න!ඒ වේදනාත්මක සමුගැනිමේ නිවේදනය

(www.randora.lk-15/01/13)- මම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග‍්‍රවිනිශ්චයකාරවරිය වෙමි.

අග‍්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් මේ රටේ විනිශ්චයකාරවරුන්, නීතිඥයන් සහ පුරවැසියන් උදෙසා වූ නොසැලෙන වගකීමක් මා වෙත තිබේ.

මා අද ඔබ ඉදිරියේ නැගී සිටින්නේ අසාධාරණ ලෙස පීඩනයට, අපවාදයට හා හෙළාදැකීමට පත්කරනු ලබමිනි. පසුගිය සති කිහිපය තුළ මා වෙත දක්වන ලද සැලකීම්, ජනරජයෙහි අග‍්‍රවිනිශ්චයකාරවරිය තබා සාමාන්‍ය පුරවැසියකුවත් නොලැබිය යුතු තරම් වේදනාකාරී ඒවාය.

අවුරුදු පනස් හතරක මගේ ජීවිත කාලයෙන් අවුරුදු තිස් දෙකක් අඛණ්ඩව කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මම මගේ මව්බිම වෙනුවෙන් සේවය කර ඇත්තෙමි. අවාසනාවකට ඒ වෙනුවෙන් මට ලැබුණු තෑග්ග නම් මේ අයුක්තිසහගත සැලකිල්ලයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් චෝදනාවන්ට ලක්කොට අසාධාරණ හා අත්තනෝමතික ලෙස වරදකාරිය කරනු ලැබූවද, නීතිය ඉදිරියේ මම නිවැරදිකාරිය කරනු ලැබ ඇත්තෙමි.

එම තීරණයන්, මට අඛණ්ඩව මගපෙන්වන හා මාද බලවත් ලෙස විශ්වාස කරන ස්වාභාවික යුක්තියේ මූලධර්ම හා නීතියේ නිසි ක‍්‍රියාදාමය අනුගමනය කරමින් එම උපරිමාධිකරණ විසින් ලබාදුන් ඒවා වීම මට මහත්අස්වැසිල්ලක් ගෙනදෙයි.

ගරු කථානායකවරයාද පිළිගත් පරිදි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇති එකම සහ අනන්‍ය බලය සහිත අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගියදා ලබා දුන් අර්ථනිරූපණය මගින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවත් එහි ක‍්‍රියාපිළිවෙලත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී බවට පැහැදිලිව ප‍්‍රකාශ කළේය.

ඊට අමතරව, අභියාචනාධිකරණය විසින් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවෙහි තීරණය රිට් ආඥාවක් මගින් අවලංගු කරන ලදි. ඒ අනුව, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තීරණය නීතියට පිටින් ගිය, ශුන්‍ය හා බලරහිත එකකි. ඊට නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගුභාවයක් හෝ නැත. පාර්ලිමේන්තුව විසින් යොදාගන්නා ලද ක‍්‍රියාදාමයද බෙහෙවින් දෝෂ සහගතය.

මේ කරුණු මත, නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස හඳුන්වනු ලබන මාගේ රටෙහි තවමත් නිසි ලෙස පත්කරන ලද නීත්‍යනුකූල අග‍්‍රවිනිශ්චයකාරවරිය මම වෙමි.

මේ ක‍්‍රියාදාමය තුළ අග‍්‍රවිනිශ්චයකාර ධුරය පමණක් නොව අධිකරණයේ ස්වාධීනත්වයද බලහත්කාරයෙන් පැහැරගෙන තිබේ. නීතියේ පාලනය, නීතිය අනුගමනය කිරීම හා ස්වාභාවික යුක්තියේ මූලධර්ම යන සංකල්පයන් පිටමංකර ඇතිවා පමණක් නොව කෲර ලෙස විකෘති කොට තිබේ.

මා පීඩාවට පත්කොට ඇත්තේ ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් සහ, අනිසි බලපෑම්වලට එරෙහිව මා පෙනීසිටි නිසාය. ජනතාව උත්තරීතර වන හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා නීතියේ පාලනය පිළිගන්නා ජනරජයක නීතියේ ආධිපත්‍යය පැවතුණේ නම් මෙවැනි අසාධාරණ ලෙස මා දඬුවම් නොලබනු ඇත.

මට විරුද්ධව නගා ඇති චෝදනා මුළුමනින්ම අසත්‍යය. සියලූ චෝදනාවන්ට මා සම්පූර්ණයෙන්ම නිවැරදිකාරිය වන අතර, එකී චෝදනාවල සත්‍යයේ අංශුමාත‍්‍රයක් හෝ පැවතුණේ නම් අග‍්‍රවිනිශ්චයකාර ධුරයෙහි, මෙම උත්තරීතර තනතුරෙහි මා මොහොතක් වත් රැඳීසිටින්නේ නැත. අග‍්‍රවිනිශ්චයකාරවරිය හැටියටත්, පුරවැසියකු සහ කාන්තාවක හැටියටත් ඔබ ඉදිරියෙහිනැගීසිටින්නට මට හැකිවී තිබෙන්නේ මගේ නිවැරදිභාවය නිසාය.

තවදුරටත් නිල නිවසෙහි හෝ නිල මැදිරියෙහි හෝ මා රැඳීසිටියහොත් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සිදුවීමට බෙහෙවින් ඉඩ ඇති බැවින්, නිල මැදිරියෙන් හා නිල නිවසෙන් ඉවත්වීමට තීරණය කළෙමි.

රටේ අහිංසක ජනතාව, විනිසුරුවරුන් කනිෂ්ඨ නීතිඥවරුන් සහ මීට කැපවුණු පුද්ගලයන් වෙත ප‍්‍රචණ්ඩත්වය එල්ලවීම වැළැක්වීම එහි අරමුණයි.

මාගේ අවුරුදු දහසයක ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජීවිතය මා කැපකර තිබෙන්නේ මේ රටේ, මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීම සඳහාය.

මගේ උපරිම හැකියාවෙන් මිනිසුන්ගේ ජීවිත හා මිනිසුන්ගේ නිදහස, දරුවන්ගේ නිදහස, දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මගේ අවංක වගකීම ලෙස මම හැමවිටම සැලකුවෙමි. එමෙන්ම මම ඒ උදෙසා කටයුතු කළෙමි.

අධිකරණයේ ස්වාධීනත්වය යන ශ්‍රේෂ්ඨ පරමාර්ථය වෙනුවෙන් මා සමග කටයුතු කළ සියලූම දෙනාට මම ස්තුතිවන්ත වෙමි.

මට මේ මොහොතේ සාධාරණයක් ඉටුනොවූවත් ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත.

බොහෝදෙනා පැමිණෙති. බොහෝදෙනා නික්ම යති. තනතුරෙහි රැඳීසිටින පුද්ගලයා කවරඅවස්ථාවකවත් වැදගත් නොවේ. වැදගත් වන්නේ අධිකරණයෙහි ස්වාධීනත්වයේ අඛණ්ඩ පැවැත්මයි.

ස්තුතියි
ආචාර්ය ශිරාණි ඒ. බණ්ඩාරනායක
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග‍්‍රවිනිශ්චයකාරවරිය.

ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු මොහාන් පිරිස් දිවුරුම 04032

MONDAY markets:කොළඹ කොටස් උදේ බසී!සවස නැගිටියි!

7 ජන

අද දිනය අතර මැද සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 15 කින් බිද වැටුනද පසුව ඒ සියල්ල යමි පමණකට සමනය වෙමින් දිනය අවසන් කළේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 1.62 කින් පහළ යමින් 5,746.09 ( -0.03 %)ට ස්ථාවර වෙමිණි.
බිලු චීප් සමාගම් වෙත මිලදි ගැනිමේ උනන්දුව පැවති අතර ඒ අනුව John Keells Holdings, Nestle සහ Chevron Lubricants දර්ශක අගයට ධනාත්මකව ප්‍රතිචාර දක්වද්දි Hayleys, Bukit Darah සහ Cargills සෘණාත්මක ප්‍රතිචාර දැක් විය.
. The S&P SL20 ද අද ඒකක 02 කින් බිද වැටිණි.
වෙළෙඳ පොළ ඉහළ යාමේ ප්‍රවනතාවය තවදුරටත් පවත්වා ගෙන යාම කෙරෙහි බිලු චීප් සමාගම් වෙත වු ඉහළ ආකර්ශණය සහා ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇති සමාගම් වල ආකර්ශණිය උනන්දුව බලපාන ලදි.පසුගිය සති 02 ක් තිස්සේ ඉහළ යමින් තිබු වෙළෙඳ පොළ ප්‍රවනතා අද සහා සිකුරාදා යම් තරමකට බිද වැටෙනු දක්නට ලද හැකි වු අතර මෙය අවස්ථාවන් මඟ හැරි ආයෝජකයින්ට නැවත අවස්ථාවන් මතු කිරිමක් බව සොෆ්ට්ලෝජික් තැරුවිකාර සමාගම කියයි.
John Keells Holdings තවදුරටත් වෙළෙඳ පොළ ආකර්ශණයට බදුන් වෙමින් එමි කොටස් 983,000 ක් අද ගනුදෙනු වුයේ දිනය තුල කොටසක් සියයට 1.4 කින් ඉහළ යමින් රුපියල් 223.0 කට කොටසක් මිල නියම වෙමිණි.
Distilleries සහ Lion Brewery අද පසුගිය සති 52 ක ඉහළම මිල වාර්තා කරමින් පිළිවෙලින් රුපියල් 170.0 ක් හා 305.0.කට එවායේ කොටසක මිල නියම විය.
Aitken Spence අද දිනයේ වාර්තා වු එකම ක්‍රෝෂීං ගනුදෙනුවට හිමිකම් කියු ඒ අනුව එහි කොටම් 202,000 ක් රුපියල් 119 ට ගනුදෙනු විය.
අද ඉල්ලුම Commercial Bank (0.1%), Sampath Bank (0.1%), Nations Trust Bank (0.3%), LOLC (1.6%),People’s Leasing (-1.4%) සහ Central Finance (-3.3%) වෙතද දක්නට ලැබිණි.

MICRO credit: LOLC Micro Credit ඩොලර් මිලියන 55.5 ක සාමුහික ණයක් ඉල්ලුම් කරයි

7 ජන

(www.randora.lk-07/01/13)- LOLC Micro Credit Ltd සමාගම විදේශයෙන් ඩොලර් මිලියන 55.5 ක සාමුහික ණයක් ඉල්ලුම් කර ඇතැයි එම සමාගම නිවේදනය කරයි.

එහි සියයට 20 ක කොටස් හිමි FMO (Nederlandse Financierings-Maatschappij voor Ontwikkelingslanden N.V.)
නම් ( AAA rated (S&P))නෙදර්ලන්ත සංවර්ධන බැංකුව මුලිකත්වයෙන් දියත් වන මෙම ණය ගනුදෙනුව සදහා The OPEC Fund for International Development, Belgian Investment Company for Developing Countries N.V., Société de Promotion et de Participation pour la Coopération Economique S. A. (PROPARCO) of France සහ Cordiant Capital Inc of Canada සාමුහිකව ණය ලබා දෙන බවද සදහන්ය.

බැංකු අංශය අත නොපවන උතුරු නැගෙනහිර කෘෂී ණයෙහි මෙම සමාගම ස්වකීය මුඛ්‍ය වෙළෙඳ කටයුතු කරන අතර එය ඩොලර් මිලියන 110 ක ණය 150,000 පිරිසක් අතරේ දැනටමත් ලබා දි ඇති බවද කියයි.

2011/12 බසු පෙර මෙහි ලාභය ඩොලර් මිලියන 6 ක් බවද සදහන්ය.

RATING watch: Ceylease/ MCSL Financial Services ඒකාබද්ධය දෙස ෆීච් අවදියෙන්

7 ජන

 

(www.randora.lk-07/01/13)- Ceylease Ltd හි ජාතික දිගු කාලින ණය ශ්‍රේණි ගත කිරිම තවදුරටත් ධනාත්මක ඉදිරි දැක්මක් සහිතව ‘BB+(lka)’ මටිටමේම තබා ගැනිමට තිරණය කර ඇතැයි ෆීච් රේටිං ආයතනය කියයි.

ඒ සමගින් එම සමාගම සමඟ ඒකාබද්ධ විමට යෝජිත MCSL Financial Services Limited -MFSL ) හි ණය ශ්‍රේණියද තවදුරටත් ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ‘BBB(lka)’ මට්ටමේම තබා ගන්නා බවද ෆීච් රේටිං ආයතනය පවසයි.

මෙම ඒකාබද්ධ විම අවසන් වු වහා Ceylease (CL)හි ණය ශ්‍රේණිය MCSL  සමගාමිව ඉහළ අගයකට ගෙන ඒමට අදහස් කරන බවත් ඒ සදහා MFSL එහි වැඩිම කොටස් හිමි (86%) මවි සමාගම වන (BOC; ‘AA+(lka)’/Stable) ලංකා බැංකුවේ අඛණ්ඩ සහාය හා ඉදිරි කොටස් හිමිකාරිත්වය පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය සෘජුව  බලපාන බව ෆීච් ප්‍රකාශ කරයි.

CL’s හි ලංකා බැංකුව සතුව  55% ක්ද , Phoenix Group 27.5% සහ  Prime Lands (Pvt) Ltd 17.5% ක්ද හිමිකම් කියයි.

CONDOMINIUM crisis- වැල්ලවත්ත ,වත්තල “තට්ටු” සිහින බිද වැටේ!මිල ගණන් 25% කින් පහළට.

7 ජන

(www.randora.lk -07/01/13)- යුද්ධය අවසන් විමත් සමගම වැල්ලවත්ත ,වත්තල ආදි ප්‍රදේශ වල තට්ටු නිවාස හෙවත් සාහාධිපත්‍ය දේපොළ (CONDOMINIUM ) සදහා තිබු ඉල්ලුම වේගයෙන් බිද වැටෙමින් ඒවායේ මිළ ගණන් පසුගිය වසර තුන තුල සියයට 25 කින් පමණ අඩු ව ඇතැයි දේපොළ වෙළෙදාම් අංශයේ ප්‍රවීණයකු පවසයි.

ශ්‍රී ලංකා වේ දේපොළ වෙළෙදාමි අංශයේ ඉහළින්ම නම කියවෙන ද ෆීනෑන්ස් සමාගමේ දේපොළ අංශ ප්‍රධානි රත්නසිරි ඉලේපෙරුම මහතා රන්දොර සමග එක් වෙමින් ප්‍රකාශ කළේ යුද්ධය අවසන් විමත් සමගම උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ඉඩම් වලට තිබු ඉල්ලුම වැඩි වි ජනතාව නගරයෙන් එම ප්‍රදේශවලට විසිර යාම නිසා මෙම ඉල්ලුම බිද වැටිම සිදුව ඇති බවයි.

වසර 2007 ට පෙර රුපියල් මිලියන 3.5 (ලක්ෂ 35) කට පමණ තිබු CONDOMINIUM ඒකකයක දැන් මිල රුපියල් මිලියන 2.5 ක් විතර වෙලා.ඒ නිසා වත්තල,වැල්ලවත්ත ප්‍රදේශවල ඒ දේපොළ වල වටිනාකම් මේ වන විට සියයට 25 කින් පමණ පහළ ගිහිල්ලා තිබෙනවා යැයි හෙතෙම කීය.

ශ්‍රී ලංකා වේ දේපොළ වෙළෙදාම් අංශයේ පුළුල් ආවරණයක් ඉදිරියේදි රන්දොර වෙතින් බලාපොරොත්තු වන්න.

Venura9's Blog

Ordinary and Random Tech Tweep

randora.lk

Randora.lk is a path breaking online information dissemination service that caters exclusively to the financial sector and provides critical information in the Sinhala language.

නැණත

තොරතුරු තාක්ෂණයේ ශ්‍රී ලාංකීයකරණය

Management in Sinhala

කළමනාකරණය සිංහලෙන් - Nishantha Kamaladasa

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

marketing / social media / apple blog

Tidbits of Social Media, Latest Apple News, Startups & more...

WordPress.com News

The latest news on WordPress.com and the WordPress community.

Follow

Get every new post delivered to your Inbox.