ජාත්‍යන්තරව පිලිගත් ලොව එකම විශ්ව භාෂාව ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉංග්‍රීසියට ඇති වැදගත් කම විමසා බැලිමකි.

6 ජන.

globish1-362x165 

(www.randora.lk-06/01/2013)- කඩුවේ අඩුව එහෙමත් නැතිනම් ඉංග්‍රීසි දැනුමේ අඩු පාඩු නිසා  අද සමාජයේ ස්වභාෂාවෙන් උගත්/දක්ෂ  බොහෝදෙනෙකු  ලැතැවිමට සිදු වන්නේ  තම දැනුමේ තරමට උගත් කමේ /බුද්ධියේ තරමට සුදුසු සමාජ පිළිගැනිමක් ලබා ගැනිමේ හා රැකියාවක් හෝ වෘත්තියක් සොයා ගැනිමේ හෝ උසස් විමක් ලබා ගැනිමට ඇති දුෂ්කරතාවය නිසයි.

නවීන තාක්ෂණ දියුණුවත් සමගම මුළු ලෝකයම අද එකම විශ්ව ගම්මානයකට  පිවිසි ඇති කලක ඒ දේශ සීමා බාධක බිදින  සංස්කෘතික විවිධත්වය බිදින එකම පොදු සන්නිවේදන මෙවලම වි ඇත්තේද අද මේ ලොව පිලිගත් එකම  අන්තර්ජාතික භාෂාව වන ඉංග්‍රීසියයි.

ඉංග්‍රීසිය කලක සිටම  අපේ මේ පුංචී කොදෙව්වේ බොහෝමයක් සමාගම් වල  මෙන්ම ලොව බොහෝ රටවල ව්‍යාපාරික භාෂාවද  වි ඇති වාතාවරනයක අපට ඒ විශ්ව යථාර්ථයට මුහුණ නොදි ජිවත් විම ඉතා අසීරුයි.

මෙතෙක් සිරිතක් වශයෙන් තම ආයතනය තුල යමි පමනක ඉංග්‍රීසි භාවිතයට හුරු පුරුදු ව සිටි ඉංග්‍රීසිය මවි භාෂාව කර නොගත් චීනය,ජපානය,ප්‍රංශය ,ජර්මනිය,දකුණු කොරියාව ආදි රටවල කේන්දුගතව පවතින බොහෝමයක් බහුජාතික සමාගම් දැන් දැන් ඉංග්‍රීසිය භාවිතය තම ආයතන තුල අනිවාර්යය කිරිමටද පියවර අරන්.

හාර්වඩ් බිස්නස් ස්කූල් හි මහාචාර්ය Tsedal Neeley කියන්නේ මේ විශ්ව යථාර්ථයට මුහුණ නොදෙමින් ඉංග්‍රීසිය භාවිතය  තම ආයතනගත ව්‍යුහය තුල අනිවාර්යය කිරිමේ ප්‍රමිත ගත පියවරයන්  නොගන්නා අයතන යමි අවස්ථාවකදි හුදකලා විය හැකි බවයි.

“මෙය අදාල සමාගමේ විෂය පථය අනුව විවිධ මුහුණු වර ගන්නවා.කෙසේනමුත්,ඔබ සියළු දෙනාම විවිධ රටවලින් පැමිණි අය නිසා රාජකාරි ‍අරමුණ වෙනුවෙන් ඒකාබද්ධ විම වැදගත්-ඒකාබද්ධ තාක්ෂණ පසුබිමක හෝ ජාත්‍යන්තර පාරිභෝගික සේවා සපයන පසුබිමක මෙම ඒකාබද්ධ විම ඉතා වැදගත් වෙනවා.මේ නිසා මධ්‍යම මට්ටමේ කළමණාකරුවෙකුගේ සිට ජාත්‍යන්තර පැවරුමි රාජකාරියේ යෙදෙන අනිකුත් සේවකයින් දක්වා මේ සියළු දෙනා මේ ජාත්‍යන්තර ගනු-දෙනු වලදි අදහස් හුවමාරු කර ගැනිම සදහා සියළු දෙනාටම වැටහෙන එක් පොදු භාෂාවක දැනුවත් විම ලබා තිබිම වැදගත්” යැයි හෙතෙම කියයි.

ගුවන් යානා නිපදවන ප්‍රංශයේ Airbus සමාගම (11500 ක් පමණ සේවක පිරිසක් මෙහි ප්‍රංශ මුලස්ථානයේ සේවය කරති.), ජර්මනියේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Daimler-Chrysler සමාගම ,පින්ලන්තය මුලස්ථානය කර ජංගම දුරකතන නිපදවන  Nokia සමාගම, තවත් මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ප්‍රංශයේ Renault සමාගම, දකුණු කොරියානු Samsung සමාගම  සහ පරිගණක මෘදුකාංග අංශයේ දැවැන්තයා වන  Microsoft හි බිජිං  අංශය වැනි  ලොව සුපතල බහුජාතික සමාගම් දැනටමත් ඔවුන්ගේ රාජකාරි ව්‍යාපාරික භාෂාව ලෙස ඉංග්‍රීසිය අනිවාර්ය කර අවසන් බවද හාර්වඩ් බිස්නස් රිවිව් වෙත පසුගිය මැයි මාසයේ  ලිපියක් සපයමින් Neeley  සදහන් කරයි.ඒ අතරේම ඇය පවසන්නේ දැනටමත් 70 කට අධික ඩෙන්මාර්ක් සමාගම්ද ඉංග්‍රීසිය ස්වකීය ව්‍යාපාරික භාෂාව ලෙසට පිළි ගෙන ඇති බවයි.

ජපානයේ අන්තර්ජාල සේවා සපයන ආයතනයක් වු Rakuten සමාගම 2010 වසරේදි එය ඉංග්‍රීසි පමණක් තම එකම රාජකාරි සන්නිවේදන භාෂාව කර ගන්නා බවට ප්‍රකාශ කල විට එය බොහෝදෙනාගේ කතාබහට ලක් වු මාතෘකාවක් වුණා.

එහිදි එහි ප්‍රධාන විධායක Hiroshi Mikitani  සදහන් කර සිටියේ ඔබ අන් රටවල සාර්ථක විමට අවශ්‍ය නම් තමන්ගේ මුලස්ථානයද ජාත්‍යන්තරකරණයට  ලක් කල යුතු බවයි.

“ඉංග්‍රීසිය අද ලොවම පිලිගත් එකම විශ්ව භාෂාවයි.””අපි කරන්නේ ජාත්‍යන්තර ව්‍යාපාරයක්. ජපන් සේවා සපයන ආයතනයක්, ගෝලීය ආයතනයක් කිරිමට ගත හැකි  එකම ඵලදායි පියවර මේ ඉංග්‍රීසිය අපගේ රාජකාරි භාෂාව ලෙස අනිවාර්ය කිරිම කියලයි මම සිතන්නේ” යනුවෙන් ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

“මෙම ඉංග්‍රීසි පරිවර්තනයට ආයතනයේ සේවකයින් යොමු කිරිම පිණිස අප, අප ආයතනයේ ආපන ශාලා  වල විදුලි සෝපාන වල තිබු ජපන්  නාම පුවරු ඉවත් කිරිමට පියවර ගත්තා.අපි දැන් අපේ ජපාන විධායකයින් සමග ඔවුනගේ රාජකාරි  ඇගැයුම් කටයුතු සිදු කරන්නේද ඉංග්‍රීසියෙන්” බව ඇය මෙහිදි වැඩිදුරටත් පවසා තිබුණා.

මෙම ඉංග්‍රීසිය පමණක් රාජකාරිමය භාෂාව විය යුතු යැයි කියන සංකල්පයට හුරු විමට යාමේදි  එක්තරා අන්දමකින් සේවකයින් යමි අපහසුතාවයන්ට ව්‍යාකුලතාවයන්ට මුහුණදිමට සිදු වන්න පුළුවන්.මෙම ඉංග්‍රීසිය පමණයි යන සංකල්පය හදුන්වා දි දෙවසරකට පසු ඒක්තරා සමාගමක සේවකයින්ගෙන් සියයට 70 ක්ම විවිධ අපහසුතාවයන්ට මුහුණ දුන් බවද හාර්වඩ් බිස්නස් රිවිව් වෙත Neeley  ලියු ලිපියේ සදහන් වෙයි.”එ නිසයි අප කියන්නේ මෙවැනි ප්‍රතිපත්ති හදුන්වාදිමට පෙර  ඒ සදහා ක්‍රමවත් සැලසුම් සකස් කල යුතුයි කියලා”ඇය එම ලිපියේ වැඩිදුරටත් සදහන් කරයි.

“සේවකයින් සදහා විධිමත් භාෂා ක්‍රමවේදයක් පියවරින් පියවර හදුන්වා නොදිම නිසා බොහෝදෙනා විවිධ අපහසුතාවයන්ට හා තත්ත්වයේ පහළ වැටිමි වලට ලක් වන අයුරු දක්නට ලැබෙනවා,මේ නිසා ඇතැමි දෙනාට තමන් මුළු ජිවිතය කාලය මුළුල්ලේ ගොඩ නගා ගත් තම වෘත්තිය ගමන් මාර්ගය ඇහිරි උසස් විමි ඇන හිටින තත්ත්වයක් ඇති විය හැකියි “යැයි ඇය තවදුරටත් පවසයි.

මේ නිසා ආයතනයකට ස්වකීය  සියළු මෙහෙයුම් නව භාෂාවකට හුරු කරවිම කියන තරම් පහසු නොවන බව ඇයගේ මතයයි.

කෙසේවෙතත්,මෙම ආයතනගත භාෂා ව්‍යුහයන් දශකයික් තිස්සේ අධ්‍යයනයේ යෙදි ඇති ඇය පහත දෑ ද යෝජනා කරයි.

  • ව්‍යාපාර ආයතන  ධුරාවලියේ ඉහළ සිට පහළතම සේවකයා දක්වාම නව භාෂා ප්‍රතිපත්තියට හුරුපුරුදු විය හැකි සේ පැහැදිලි හා නිසි ආකාරයෙන් සකසන ලද භාෂා ක්‍රමවේදයක් හදුන්වා දිම හා එය ක්‍රියාත්මක කිරිම
  • රැකියාවේ හා වෘත්තිය ජිවිතයේ කටයුතු සාර්ථීක කර ගන්නා ගමන්ම ඉංග්‍රීසි භාෂා වේද ප්‍රවීනත්වය ළගා කැ ගත හැකි ක්‍රමවේදයක අවශ්‍යතාවය.රැකියාව වෙනුවෙන් මිඩංගු කල යුතු කාලය මෙහිදි ඉතා විශාල වන අතර මෙහිදි ඉංග්‍රීසි පාඩම් භාවිතයෙන් පමනක් මෙම අපේක්ෂිත ඉලක්ක සපුරා ගත නොහැකි බව අවබෝධ කර ගැනිම.එහිදි සේවකයින්ගේ රැකියා අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නිසි ලෙස ඉලක්ක ගත කරන ලද ඉංග්‍රීසි පාඩමි එනමි ඊ-මේල් සන්නිවේදනය අදිය ගැන වු පාඩමි වල අවශ්‍යතාවය වඩා වැදගත් වේ.
  • ඉංග්‍රීසිය සම්පුර්ණයෙන්ම හදුන්වා දිමට පෙර කැඩිචිච ඉංග්‍රීසි භාවිතයට යාමද ප්‍රතිඵල රහිත වියදමි අධික කටයුත්තක් බවද ඇය කියයි.ඉංග්‍රීසිය මව් භාෂාව කර නොගත් අය ඉංග්‍රීසි භාවිතයට යාමේදි ඒ සදහා විධිමත්ම හැඩ ගස්විමක් අවශ්‍ය කරන අතර එහිදි තමන්ටත්  අන් අය ටත්  තෙරෙන  නිවැරදි භාෂා භාවිතයක් මුල සිටම යෙදිමේ  අවශ්‍යතාවය ඉතා වැදගත්ය.
  • කළමණාකරුවන් ඉංග්‍රීසි භාවිතය  සාමාන්‍යයෙන් සිදු කල යුතු දෙයක් නොව අනිවාර්යෙන් කල යුතුයි යන දැඩි ආයතනික විනය ප්‍රතිපත්තියත් අනුගමනය කල යුතුය.

ආයතනයේ විශාලත්වය,සම්පත් හා ඉංග්‍රීසි පමනයි යන සංකල්පය අනිවාර්ය කිරිමට ගන්නා ක්‍රියාමාර්ග අනුව වසර 4 සිට 10 දක්වා කාලයක් ඇතුළත සියළු සේවකයින් ඉංග්‍රීසියට සම්පුර්ණයෙන්ම හුරු කල හැකි බවද ඇය කියයි.එතැන් සිට එහි පසු විපරමි කටයුතු සිදු කල යුතු බවටද ඇය යෝජනා කරයි.

“මම හිතනවා ආයතන ව්‍යුහය ඉංග්‍රීසියට අනුගත කිරිමට ගන්නා මෙම ප්‍රයත්නයන් සදහා කරන ආයෝජන අනාගතයේ යමි ආයතනයක් ගෝලීය තරඟකාරිත්වයට යාමේදි තමන් සතු මානව සම්පත් යොදා ගැනිම සම්බන්ධයෙන් විශාල ප්‍රයෝජන අත්පත් කර දන බව” ඇය සදහන් කරයි.

“ඉංග්‍රීසිය භාවිතයට හුරු විමෙන් සේවකයින්ට අත් පත් කර ගත හැකි දෑ බොහෝමයි.කෙනෙක් ඉංග්‍රීසි දැනුමේ ඉහළට යන්න  යන්න ඔහුට මානසිකව එයට තිබු බිය තුරන් වෙනවා.රැකියාවේ අභීයෝග වලට මුහුණ දෙන්න විශාල ශක්තියක් ලැබෙනවා.ඒ විතරක් නොවේ මේ ද්වි භාෂා ඥාණය නිසා තමන්ට සන්නිවේදනය පහසු වෙලා වැඩි මිතුරු මිතුරියන් පිරිසකගේ ගෙෘරවයට ආදරයට ලක් වෙලා රැකියාව ඉතා ප්‍රියජනක දේයක් සේම වැඩි පඩි වරප්‍රසාද දෙන ලාභදායි දේයක් කර ගන්නටද අවස්ථාව සලසා දෙන බව”  Neeley  අවසාන වශයෙන් කියයි.

………………………………………………………………………………………………………

ඉංග්‍රීසි බැරි අය ගේ සරණට ආ අලුත්ම හිතවතා  “ග්ලෝබිෂ් (Global + English)”

(www.randora.lk-06/01/13)- වත්මන් ඉංග්‍රීසි භාෂා ව කේන්ද්‍රකර ජනසමාජයට  හා ඒ හා බැදුණු සංස්කෘතික වටාපිටාවන්ට තර්ජනයක් වෙන දෑ ගැන සිතුව හොත් ඒ බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන දෑ නැතිනම් අවශේෂ සංස්කෘතිකයන්  කිහිපයක් තිබෙනවා.

චීනයේ මැන්ඩරින්,ප්‍රංශයේ ප්‍රංශ ,ආරබි කරයේ අරාබි හෝ ඉන්දියාවේ හින්දි හා අනිකුත් මලයාලම් භාෂා හා සබැදි සංස්කෘතින් මේ අතුරින් ප්‍රධානයි.

නමුත්,මේ සියළු එළි පිට ඇති  අත්දුටු ප්‍රත්‍යක්ෂ තර්ජනාන්විත භාෂා හා සංස්කෘතින් අභීබවමින් තමන් උපන් ඉංග්‍රීසි සංස්කෘතියම තුලම “ග්ලෝබිෂ්” නමින් නැගි ගෙන එන  උප සංස්කෘතික භාෂා මෙවලමක් තර්ජනාන්විතව මතු වෙමින් තිබෙන බව ඔවුන් නිකමටවත් සිතන්නට නැතිව ඇති.

ලොව පුරා වෙසෙන බිලියන 05 කට අධික ඉංග්‍රීසිය ස්වකීය  මව් භාෂාව කර නොගත් පිරිසකගේ හදවත් තුලට තට්ටුකරමින් බුද්ධියට කතා කරමින් සාක්කුවට වැඩි වාසි අත්පත් කර දෙමින් “ග්ලෝබිෂ්” නම්න් නව ඉංග්‍රීසිය පදනම් කර ගත් භාෂා මෙවලමක් දැන් වසර හය හතක් තිස්සේ විශ්ව ව්‍යාප්ත වෙමින් පවතිනවා.

කොටින්ම කිවිවොත් “ග්ලෝබිෂ්” මගින් පිළියමි සෙවිමට යත්න දරන්නේ ගෝලීය විශ්ව භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනිමට වන දුෂ්කරතාවය නැතිනම් වැයවන කාලය හා මුදල අවම කරවමින් ඉංග්‍රීසියෙන් ජාත්‍යන්තර ව්‍යාපාරික සන්නිවේදනය කිරිමේ  කාර්යය කිහිප ගුණයකින් පහසු හා සරල කිරිමයි.

මේ සරල හා පහසු භාෂා භාවිතාව නිසා ,විදේශ පුරවැසි ආගමනයන් හමුවේ වත්මනෙහි බහුවාර්ගික බහු ජාතික තත්ත්වයනට පත් වෙමින් තිබෙන ඇමෙරිකානු,එංගලන්ත,ඔස්ට්‍රෙලියානු රටවලට තම බහු විවිධත්වය පදනමි කර මතු වෙන  අලෙවි සන්නිවේදන ගැටළු වලට කදිම පිළිතරක්ද මේ “ග්ලෝබිෂ්” හරහා ලබා දි තිබෙනවා.

මෙම  “ග්ලෝබිෂ්” නිර්මාර්තෘ Jean-Paul Nerrière තමන්ගේ වෙබි අඩවිය ඔස්සේ සදහන් කරන ආකාරයට නුතන ඔක්ෆර්ඩි ඩික්ෂනරියේ ඇති මිලියන භාගයක් පමණ (විවිධ විෂයන් හා බැදුණ තාක්ෂණික වචන සමග මිලියනය ඉක්මවා ඉංග්‍රීසි භාෂාවේ  වචන ඇති බව තහවුරු වි ඇත.) වන වචන වලින් ඔබට මේ “ග්ලෝබිෂ්” භාවිතයේදි දැන ගත යුත්තේ නිතර යොදන වචන  1500 ක උච්චාරන විධි හා අකුරු යෙදිමි  පමණයි.

ඒ හැරෙන්නට සමහර විට මෙම ක්‍රමයේදි  සර්ව සම්පුර්ණ දෙයක් නුනත් සැම දෙනාටම තේරුමි ගත හැකි සාපේක්ෂව සරල එහෙත් නිසි ප්‍රමිතිගත ව්‍යාකරණ ශෛලීයක් යොදා ගන්නවා.

ඒ එක්කම ප්‍රස්ථා පිරුළු හා විහිළු මෙහි අන්තර්ගත වන්නේ නැහැ.

ග්ලෝබිෂ් හදුන්වා දෙමින් Jean-Paul Nerrière තමන්ගේ වෙබි අඩවිය ඔස්සේ මෙසේ සදහන් කරනවා.

“පසුගිය දශක පහකට ආසන්න කාලයක් ඉදන් ලොව පුරා වෙසෙන ජනතාව එක් පොදු සන්නිවේදන භාෂාවක් ගැන අවධානය යොමු කර තිබෙනවා.

මේ දශක 05 ක කාලයෙන් වැඩි හරියක් මම ජාත්‍යන්තර අයි.බී.එම් සමාගමේ ජාත්‍යන්තර අලෙවි විධායකයෙකු ලෙස ලොව ප්‍රධාන පෙලේ සමාගම් හා ගනු-දෙනු සිදු කර තිබෙනවා.

ඒ අනුව ලොව පුරා ඉංග්‍රීසිය මවි භාෂාව කර නොගත් විවිධ පුද්ගලයින් ඉංග්‍රීසි භාෂාව තමන්ගේ ව්‍යාපාරික සන්නිවේදන කටයුතු වලදි නැතිනම් සම්මන්ත්‍රන වලදි අදහස් ප්‍රකාශ කිරිමට යොදා ගන්නා ආකාරය ගැන මම මේ කාලය තුල  විශාල දැනුමක් අවබෝධයක් අත්දැකිමක් ලැබුවා.

අපි දන්නවා නේ අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ කියලා.

මම උපතින්ම ප්‍රංශ ජාතිකයෙක්.මේ නිසා ඇමෙරිකාවේ යුරෝපයේ අයට වගේ මට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ලොකු  චතුරත්වයක් නැහැ.

හැබැයි මගේ මේ ඉංග්‍රීසි භාෂා දැනුම් මටිටම උච්චාරණ රටාව මට ජාත්‍යන්තර රැකියාවක් කිරිමේදි කිසිදු බාධාවක් වුනේ නැහැ.

දැන් බලන්න ජපානයේ සිට කොරියාව දක්වාත් යුරෝපයේ හා අසියාකරයේ බොහෝ අයත් මාත් එක්ක ඉංග්‍රීසියෙන් ව්‍යාපාරික ගනු-දෙනු කළේ ඉතා කැමැත්තෙන්.මන්ද?අපි සියල්ලටම ඉංග්‍රීසි භාෂා භාවිතයේ දැනුම් මටිටමේ යම් යමි පොදු සීමා තිබු නිසයි.මේ සීමා බන්ධන අපි සැම කෙනා ළගම තිබු නිසා මට වැටහුණේ අපි සියළු දෙනා වෙතම කිසිදු සීමාවන් නොතිබු බවයි.

මේ නිසයි මම මේ සීමා වටහා ගෙන ග්ලෝබිෂ් නිපදවුයේ.මෙය ඉංග්‍රීසිය පදනමි කර ගත් භාෂා මෙවලමක් සියළු දෙනාටම මෙම මෙවලම ආධාරයෙන් දැනුමේ කිසිදු සීමාවන්ගෙන් තොරව වැඩි වෙහෙසක් නොගෙන සන්නිවේදනය කරන්න පුළුවන්.ජනතාව මේ නිසා වඩා වගකිමෙන් සන්නිවෙිදනය කරන්න පටන් ගනිවි.ඒ අයට මේ ග්ලෝබිෂ් මගින් සන්නිවෙිදනය කරන දේ වැටහෙන කොට මේ ග්ලෝබිෂ් කාලයත් මුදලත් ඉතිරිවන ක්‍රමවේදයක් බවට ලොව පුරා ජනප්‍රීය වේවි.

ඇත්තෙන්ම මගේ ඇමෙරිකානු මිතුරෝ එංගලන්ත මිතුරෝ අපි කැඩිච්ච ඉංග්‍රීසි භාවිතා කරනවා කියලා අපිට මෙහිදි සිනා වෙන්න පුළුවන්.ඉංග්‍රීසිය මවි භාෂාව කර ගත් ඒ අය හිතාවි ඒ අය හැර අනික් සියල්ලම කතා කරන්නේ කැඩිචිච ඉංග්‍රීසි කියලා.

ඒ නිසයි මේ භාෂා මෙවලමට මම ග්ලෝබිෂ් කියලා විශේෂ නමක් දැමිමේ.ග්ලෝබිෂ් යනු නියම ඉංග්‍රීසි .හැබැයි එහි ඉංග්‍රීසි සංස්කෘතිය පිළිඹිබු වන්නේ නැහැ.

ව්‍යාපාරිකයෙකු ලෙස මට වැටහෙන්නේ විශ්ව ව්‍යාපාරික සන්නිවේදන ක්‍රියාදාමයේදි කාලයත් ශ්‍රමයත් ඉතිරිකර දෙමින් විශාල පෙරළියක් ව්‍යාපාරික ලාභදායිත්වය හා පුද්ගල සන්නිවේදනය පාර්ශවයෙන් මේ ග්ලෝබිෂ් හරහා කල හැකි බවයි.

වත්වනෙහි ලොව සැම 10 දෙනෙකුගෙන් 08 දෙනෙකුම තමන් දැන හෝ නොදෙන මේ ග්ලෝබිෂ් භාවිතා කරනවා.

ඉංග්‍රීසිය මවි භාෂාව කර නොගත් පිරිස් අතරේ මේ සන්නිවේදන භාවිතය තේරුම්ගත හැකි වුවද ඉංග්‍රීසිය හොදින් දන්නා කෙනෙකුට එය ආගන්තුක  දේයක්ද විය හැකියි.

”යැයිද හෙතෙම කියයි.

එස්.එම්.එස් නැතිනම් කෙටි පණිවිඩ,අන්තර්ජාල චැටිං  හා ටුවිටර් පණිවිඩ මත බොහෝදෙනා යැපෙන ලෝකයක ව්‍යාපාරික හිණි මගේ මුදුනේ ඉදිරියේ වැඩිපුරම දකින්ට හැකි වන්නේ මේ අඩු වචන භාවිතයක් ඇති දැනුමක් ඇති ව්‍යාපාරික නායකයෝයි.

මෙවැනි ක්ෂණික දේ හඹා යන කම්මැලියන්ගේන් පිරි  වටාපිටාවක හෙට දවසේ  විහ්ව යථාර්ථය වන්නේ  නුදුරේදිම සාමිප්‍රදායික ඉංග්‍රීසිය පරයමින් මේ වචන 1500 යේ ග්ලෝබ්ෂ් අපේ ජන මනස අති ක්‍රමනය කරන දිනය වැඩි ඈතක නොවන බවයි.

අපි නොදන්න ඉංග්‍රීසි

 

ඉංග්‍රීසිය ලොව භාෂා භාවිතාව අතින් දෙවැනි වන්නේ චීනයේ මැන්ඩරින් වලට පමනයි.

චීනයේ හා ඒ සම්භවයක් ඇති ජනතාව වෙසෙන රටවල ට පමණක් මේ මැන්ඩරින් භාෂාව සීමා වි තිබුනත් චීනයද ඇතුළු ලොව පුරා රටවල් 105 ක බිලියන 1.5 ක් පමණ පිරිසක් අතරට දැන් ඉංග්‍රීසි ය ව්‍යාප්තව තිබෙනවා.

එම රටවල් අතුරිනුත් 80 ක් ඉංග්‍රීසිය තම රටේ ප්‍රධාන නිල භාෂාවක් ලෙස පිලි අරන්   තිබෙනවා.

ඉංග්‍රීසිය බහුලව භාවිතා කරන ඇමෙරිකාව,මහ බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රෙලියාවේ ඉංග්‍රීසියට මෙම නිල භාෂා තත්ත්වයක් නමි හිමි ව නැහැ.

දැනට කර ඇති ඇස්තමේන්තු අනුව වසර 2016 වන විට ලොව පුරා මෙම ඉංග්‍රීසි භාවිතා කරන්නන්ගේ ප්‍රමානය බිලියන 02 ඉක්මවිමට නියමිතයි.

ලොව පුරා රටවල් 45 ක භාෂා 6000ක් පමණ දැනට භාවිතයේ ඇති අතර ලොක ජනගහනයෙන් සියයට 88 ක් ම ඉංග්‍රීසිය සිය ප්‍රධාන භාෂාව කර නොගනි.

ලොව සියයට 96 ක්ම ඉංග්‍රීසි සන්නිවේදනය සිදු වන්නේ ඉංග්‍රීසිය ස්වකීය මවි භාෂාව කර නොගත් පිරිස් අතරය.

ඉංග්‍රීසිය මවි භාෂාව කර ගත් පිරිසෙන් හරි අඩකට ආසන්න පිරිසක් නිවැරදිව ඉංග්‍රීසි වචන ලිවිමේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Venura9's Blog

Ordinary and Random Tech Tweep

randora.lk

Randora.lk is a path breaking online information dissemination service that caters exclusively to the financial sector and provides critical information in the Sinhala language.

Management in Sinhala

කළමනාකරණය සිංහලෙන් - Nishantha Kamaladasa

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

Reading, Books & More

Tidbits about Traveling, Reading and a cup of coffee!

WordPress.com News

The latest news on WordPress.com and the WordPress community.