රන් පුවත් 2013/01/03

3 Jan

N strategy: පොලිය අඩු වන තුරු නිමල් කල් මරයි

(www.randora.lk-03/13)- රටේ වෙළෙඳ පොළ පොලි අනුපාත අඩු වු පසුබිමක තමා යළි කොළඹ කොටස් වෙළෙඳ පොළ සක්‍රීය ආයෝජකයෙකු ලෙස කටයුතු කිරිමට සිතා ඇතැයි ප්‍රකට කොටස් වෙළෙඳ පොළ ක්‍රියාකාරිකයෙකු හා පෑන් ඒෂීයා බැංකු සභාපති නිමල් පෙරේරා පවසයි.

මේ දිනවල රටේ පවතින බැංකු පොලි අනුපාත ඉහළ නිසා මේ කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට සුදුසු අවස්ථාව නොවේ කියා මා පුද්ගලිකව සිතනවා.දැනට පවතින ප්‍රවනතා අනුව හෙට අනිද්දාට පොලි අනුපාත අඩු වු පසුබිමක යළි වෙළෙඳ පොළ වෙත පැමිණිමට අදහස් කරනවා යැයි හෙතෙම පැවසිය.

කොළඹ කොටස් වෙළෙඳ පොලේ පසුගිය දිනවල සක්‍රීයව කටයුතු කල මුල් පෙලේ ක්‍රියාකාරින් මේ දනවල දක්වන අසාමාන්‍ය නිහඩතාවය බොහෝදෙනාගේ ප්‍රශ්නාර්ථයට තුඩු දුන් කරුණක් වි තිබුණි.

මේ දිනවල ඉහළ ස්ථාවර තැන්පතු අනුපාත මත බොහෝ දෙනා අවධානම් ආයෝජනයන්ගෙන් බැහැරව වැඩි සුරක්ෂීත තාවයක් ඇති ආයෝජන වන බැංකු තැන්පතු කෙරෙහි විශ්වාශය තබා ඇත.

මේ නිසා පසුගිය දිනවල කොටස් වෙළෙඳ පොළ දේශීය ආයෝජක ආකර්ෂණය බෙහෙවින් අඩුව තිබු අතරේ යුරෝපා ඇමෙරිකා ආර්ථීක අර්බුද මැද විදේශ ආයෝජකයෝ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ආකර්ශණය විමට පටන් ගෙන තිබුණි.

කෙසේවෙතත්,අඛණ්ඩව සති 04 ක් භාණ්ඩාගාර බිල් පත් පොලි අනුපාත අඩු වු පසුබිමක් හා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තියේ සිදු වු ලිහිල් කිරිමි මත නුදුරේදිම රටේ වෙළෙඳ පොළ පොලි අනුපාත අඩු වේ යැයි මහ බැංකුව විශ්වාශය පළ කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ඉතුරුම් තැන්පතු වලට හිමිකම් කියන ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ සාමාන්‍යාධිකාරි හෙන්නායක බණ්ඩාර මහතා රන්දොරට සදහන් කළේ දැනට පවතින පොලි අඩු විමේ ප්‍රවනතා හමුවේ තම බැංකු පොලි අනුපාතද අඩු කිරිමට සලකා බලමින් පවතින බවයි.කෙසේවෙතත් ,ඉහළ තැන්පතු පොලි වලට ලබා ගත් ස්ථාවර තැන්පතු තිබුනද රටේ පවතින ප්‍රවනතා අනුව පොලි අනුපාත අඩු කිරිම කෙරෙහි සැලකිල්ල යොමු කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

……………………………………………………………………………………………………………………..
POWELESS committee;අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ට බලයක් නැහැ- අභියාචනාධිකරණය

(www.randora.lk-03/13)- අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරිමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නැතැයි අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ කථනයක් උපුටා දක්වමින් අද පවසා ඇතැයි අප අධිකරණ වාර්තා කරු පවසයි.

පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු කරගෙන යාම සඳහා වන ස්ථාවර නියෝග නීතියක් නොවන බවත් ඒ අනුව විනිසුරුවරයකුට එරෙහි චෝදනා විභාග කිරීමට නීතිමය බලයක් පර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැතැයි ද අභියාචනාධිකරණය ප්‍රකාශ කෙළේය.

අධිකරණ විනිසුරුවරයකු වැරැදිකරුවකු කිරීමේ නීතිමය බලයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් පාර්ලිමේන්තු ස්ථාවර අනපණත් හි 78 ඒ වගන්තිය නීතියක් නොවන බවත් අභියාචනාධිකරණය අද ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකතනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇති අතර ඒ තිරණය ප්‍රකාරව අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරිමට පාර්ලිමේන්තු තේරීම් සභාවට බලයක් නැති බව අභියාචනාධිකරණ පවසා ඇත.

අගවිනිසුරු,ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් ගොනු කරන ලද පෙත්සම් දෙකක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

…………………………………………………………………………………………..

CUSTOM duty;රුපියල් ලක්ෂ 10ක පගාව ගන්න ගිය රේගු ලොක්කා අමාරුවේ!

(www.randora.lk-03/01/13)- ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ අධ්‍යක්ෂක වරයා රුපියල් මිලියනයක අල්ලසක් දිමට සුදානම් වෙද්දි අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව විසින් අද අත් අඩංගුවට ගත් බව කොමිෂම කියයි.

ඔහුගේ රාජකාරි ස්ථානයේදි ඔහු කොටු කර ගැනිමට අල්ලස් කොමිෂමේ නිළධාරින්ට හැකිව ඇත.

…………………………………………………………………………………………………………………………

NEW appointments: HDFC බැංකුවට මාමඩුව එයි. එන්ට්‍රස්ට් සෙකුරිටිස් වෙත චන්ද්‍ර ඩයස් යයි

 

(www.randora.lk-03/01/13)- සණස සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරි ධුරයට පසුගිය ඔක්තෝම්බර් මස සමුදුන් නිමල් ජේ.බී මාමඩුව මහතා මෙම 01 දා සිට HDFC බැංකුවේ ප්‍රධාන විධායක ලෙස පත් විම් ලැබ ඇත.

වසර 38 ක බැංකු ක්ෂේත්‍රෙය් අත්දැකිම් ඇති හෙතෙම හැටන් නැෂනල් බැංකුවේද වසර 29 ක් සේවය කර ඇත.

මේ අතරේ ,නැට්වෙල්ත් සෙකුරිටිස් සමාගමේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කල චන්ද්‍ර ඩයස් මහතා එන්ට්‍රස්ට් සෙකුරිට්ස් හි ප්‍රධාන විධායක ලෙස අද පටන් පත් විමි ලැබ ඇත.

……………………………………………………………………………………………………………..

THUREිDAY markets:කොළඹ කොටස් පොඩ්ඩෝ නිදි ගැට කඩයි.JKH සමඟ penny කොටසුත් හරි හරියට වැඩ!

(www.randora.lk-03/01/13)- කලකට පසු සුළු පරිමාණ ආයෝජන ආකර්ශනය කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දිනා දෙමින් අද 03 දා සියළු කොටස් මිල දර්ශකය ඒකක 46 කින් ඉහළ යමින් ඒකක 5,730.45 ක් වුයේ 12.10.2012 දිනෙන් පසු වාර්තා වු ඉහළම අගය වාර්තා කරමිණි.
S&P SL20 දර්ශකයද ඒකක 13 කින් ඉහළ යමින් ඒකක 3,104.25 ක් වුයේ 10.10.2012 දිනෙන් පසු ඉහළම අගය වාර්තා කරමිණි.
Ceylon Tobacco Company (+1.0%), People’s Leasing and Finance (+6.1%) සහ NDB Capital Holdings (+5.6%) මෙම දර්ශක අගය ඉහළ යාමට ප්‍රබලව දායක වු සමාගම් විය.
Hatton National Bank අද දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය ලබා දුන් අතර එහිදි රුපියල් 147 බැගින් ක්‍රෝෂීං හෙවත් කොටස් වෙළෙඳ පොළ කලින් ගිවිස ගත් පුද්ගලික ගනුදෙනු ඉවහල් විය.
ඒ අනුව දිනය අතර තුර කොටස් 117,000 ක්ද සහ පසුව මුළු කොටස් 644,000 ක් හුවමාරු වු ක්‍රෝෂීං ගනුදෙනු 03 ක්ද එම මිලට වාර්තා විය.
John Keells Holdings, අද දිනයේ රුපියල් 220 දක්වා කොටසක මිල ඉහළ යමින් ක්‍රෝෂීං ගනුදෙනු 02 ක් සිදු වු අතර ඒ අනුව එහිදි හුවමාරු වු මුළු කොටස් ප්‍රමානය 200,000 ක් විය.
People’s Leasing and Finance සහ People’s Finance, දිනය තුල ආයෝජක ආකර්ශණයට බදුන් වෙමින් පිළිවෙලින් 7.6% සහ 5.0% කින් දිනය අතර තුර මිල ඉහළ යාම් වාර්තා වු අතර දිනය අවසන එහි පසුගිය සති 52 ක ඉහළම කොටස් මිල නියම වෙමින් රු.37.1 එහි ගනුදෙනු අවසන් විය.
සුළු පරිමාණ ආයෝජන ඇස Nation Lanka Finance (-1.8%) වෙත වැඩියෙන් නැඹුරු වෙත්දි Asia Asset Finance (+0.0%) සහ Central Investment & Finance Company (-2.0%) විකුණුමි අංශයෙන් සක්‍රීය විය. Swarnamahal Financial Services හි කොටස් 545,000 ක් ද අද 12.2% ක මිල ඉහළ යාමක් වාර්තා කරමින් හුවමාරු වුයේ රු.3.7 කටය.Sierra Cables සහ Free Lanka Capital Holdings (penny stocks) ආයෝජක ආකර්ශණය තිබු සෙසු සමාගම් විය.
Colombo Dockyard වෙතද ආයෝජක ආකර්ශනය තිබු අතර ඒ අනුව එහි මිල රු.230.0 (+4.5%) ක් විය.S&P දර්ශකයට ඇතුළත් Asian Hotels and Properties සහ Aitken Spence Hotel Holdings පිළිවෙලින් 1.7% සහ 2.7% ඉහළ ගියේ රු.76.4 සහ රු.75.0.කට එහි මිල නියම වෙමිණි.
Ceylon Tobacco Company පසුගිය සති 52 ඉහළම අගය වාර්තා කරමින් රු.849.5 (+2.1%) වෙත්දි The Lion Brewery of Ceylon රු.296.0 (+3.8%) දක්වා පසුගිය සති 52 ඉහළම අගය වාර්තා කළේය.
………………………………………………………………………………………………………….
MOBITEL anniversary:20 වසර සමරණ මොබිටෙල් 4G සමගින් රටටම කතා කිරිමේ නිදහස දෙන්න යන්නේ මෙහෙමයි.

 

(www.randora.lk-2013/01/01)- මේ වසරේ ස්වකීය 20 වන වසර සමරන ශ්රී ලංකා මොබිටෙල් ආයතනය මේ රටේ සියළු ජනතාව ආවරණය කරනු වස් තම සේවා කුළුණු ප්රමානය 1800 සිට 3500 දක්වා වර්ධනය කරන බව එම සමාගම කියයි.

1993 දි ස්වකිය සේවා ආරම්භ කල මොබිටෙල් එදා analogue AMPS (Advanced Mobile Phone System) ක්රමයේ සිට නොබෝදා HSPA සහ සිවිවන පර්මිපරාවේ ( mobile fourth generation )LTE දක්වා තාක්ෂණය ව්යාප්ත කර ඇත.

ඒ සමගින් යටිතල පහසුකම් වෙනුවෙන් ඩොලර් මිලියන 500 ක් යොදවා ඇති බවද පවසයි.

අපි ගොවියාගේ සිට ඉහළ ව්යාපාරිකයා දක්වාත් දේවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත් සේවා ව්යාප්ත කලා යැයි මොබිටෙල් සභාපති නිමල් වෙල්ගම කියයි.

මොබිටෙල් සමාගම පවසන්නේ 2011 වසරේ මැයි මාසයේ තත්පරයකට මෙගා බයිට් 96 ක් ඉක්මන වේගයකින් යුක්තව සිවිවන පරමිපරාවේ ( mobile fourth generation )LTE සේවාවන් අත්හදා බැලූ දකුණු ආසියාවේ පළමු දුරකතන සමාගම සිය සමාගම බවයි.

………………………………………………………………………………………………………..
Right of reply: මම ඉන්නේ බුද්ධිමතුන් පිරිවරාගෙන!මහ බැංකු අධිපති (ආර්ථීක හර්ෂට) පිළිතුරු දේ.

(www.randora.lk-03/01/13)- මාව කවුරු විවේචනය කලත් මහ බැංකුවේ මා වටේ සිටින්නේ උගත් බුද්ධිමත් පිරිසක් බවත් ඒ අනුව බුදු දහමට අනුව තමා ඉතා භාග්‍යවන්තයෙකු වි ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩි ලෙස්ලි කබ්රාල් ඊයේ (03 ) 2013 මුදල් ප්‍රතිපත්ති මාර්ගෝපදේශනය එළි දක්වමින් කොළඹ මහ බැංකු මුලස්ථානයේ පැවති දෙසුමේ දි සදහන් කළේය.
ඕනෑම රටක ඕනෑම ආයතනයක තමන් කලින් කල පුරෝකතන පසුව කාලෝචිතව වෙනස් කරනවා තමයි.මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල,ලෝක බැංකුව මේ ආදි සැම ආයතනයකටම පොදුයි.
ඒ පොදු ධර්මතාවය අනුව තමයි අපි මේ වසරේ මුල අපේක්ෂා කල ආර්ථීක වෘර්ධ් ඉලක්ක දැනට සති කිහිපයකට පෙර නැවත සංශෝධනය කළේ. යැයි හෙතෙම කීය.
මහ බැංකු අධිපතිවරයා මෙසේ සිය දෙසුම ආරම්භ කරමින්ම කරුණු දැක් වුයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහ බැංකුවේ ගිය වසරේ ආර්ථීක පුරෝකතන යථාර්ථයක් නොවිම සම්බන්ධයෙන් නිකුත් කල ප්‍රකාශයක් පදනමි කර ගෙනය.
Harsha alleges CB’s 2012 roadmap was “directionless, off track”; wants a wiser Cabraal යන සිරස්තලය යටතේ ඊයේ 02 දා ඩේලි ඔෆ්.ට් පුවත් පත වාර්තා කර තිබුණේ මහබැංකුවේ 2012 මුදල් ප්‍රතිපත්ති මාර්ගෝපදේශනය පදනම් විරහිත සම්මත රාමුවෙන් පිට පැන්න යාථාර්ථවාදි නොවන මාර්ගෝපදේශනයක් බවයි.එමෙන්ම එය ඒක පාර්ශ්වික ප්‍රචාරක උපක්‍රමයකැයිද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නම් මෙම දේශපාලන ආර්ථීක විද්වතා චෝදනා කරයි.
මම හිතනවා මාව විවේචනය කරන අය කවදා හරි පවතින යථාර්ථය තේරුමි ගනිවි කියලා මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීය.
පසුගිය වසරේ තමා රාජකාරි දේශණ වාර 184 කට සහභාගි වි ඇති බවද මෙහිදි සදහන් කල මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවේ පුර්ණ සුදුසුකම් ලත් 656 ක පිරිසක් සමග තමා දිනපතා කටයුතු කරන බවත් කීය.
මේ වසරේ විවිධ අබාධ සහිත උපාධිධරයන් 09 කට මහ බැංකුවේ රැකියා විවර කල බවද කීය.

 Imageරන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Venura9's Blog

Ordinary and Random Tech Tweep

randora.lk

Randora.lk is a path breaking online information dissemination service that caters exclusively to the financial sector and provides critical information in the Sinhala language.

නැණත

තොරතුරු තාක්ෂණයේ ශ්‍රී ලාංකීයකරණය

Management in Sinhala

කළමනාකරණය සිංහලෙන් - Nishantha Kamaladasa

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

marketing / social media / apple blog

Tidbits of Social Media, Latest Apple News, Startups & more...

The WordPress.com Blog

The latest news on WordPress.com and the WordPress community.

%d bloggers like this: