4 Jan

BUDGET support: කොන්දේසි නැතිව එනවා නම් රටේ සංවර්ධනයට මුල්‍ය අරමුදලින් ඩොලර් බිලියනයක් අපි ඉල්ලන්න සුදානම්-ආචාර්ය ජයසුන්දර

(www.randora.lk-04/01/13)-ශ්‍රී ලංකාව දැන් විදේශ සංචික වලින් කෙළ පැමිණ ඇති හෙයින් දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අවශ්‍ය වන්නේ සමීපස්ථ ණය පහසුකම් නොව අයවැය මුල්‍යයන සහාය අරමුදල් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා අද 04 දා මාධ්‍ය හමුවක් කැදවමින් කොළඹ දි ප්‍රකාශ කළේය.

මේ අනුව,ඩොලර් බිලියනයක් දක්වා ණය ආධාර කිසිදු කොන්දේසියකින් තොරව අයවැය මුල්‍යයන සහණ වශයෙන් ලබා ගැනිමට රජය සුදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.

අපිට දැන් ඇති තරම් සංචිත තිබෙනවා.ඒ නිසා දැන් අවශ්‍ය අයවැය මුල්‍යයන සහණයි.ඒවා මහ බැංකුවට නොදි (සංචිත සදහා දෙන ආධාර අනිකුත් කාර්යයන් සදහා යොදා ගත නොහැක) රටේ සංවර්ධන ආධාර වලට ලබා දෙනවා නම් ඒවා ගන්න අපි ලෑස්තියි හෙතෙම කීය.

‘Article IV’ උපදේශන කාර්යය සදහා මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සති 02 ක සංචාරයක් සදහා මෙම මස අඟ මෙරටට ඒමට නියමිත අතර එහිදි අදාල ඉදිරි ණය පිළිබඳව කතා කරන බවද හෙතෙම සදහන් කළේය.

ශ්‍රී ලංකාව අධික ණය බරිත රටක් බවට මුල්‍ය අරමුදලේ දේශීය නියෝජිත කර ඇති ප්‍රකාශයක් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වැරදි ආකාරයට බවත් අපට පසුගිය කාලයේ ණය වැඩිපුරම දි ඇත්තේ ඔවුන්ම බවත් කිය.

……………………………………………………………………………………………………………………….
අද කොටස් වෙළෙඳ පොළ

(www.randora.lk-04/01/13)- අඛණ්ඩව දින 05 ක් ඉහළ යාමේ ප්‍රවනතා පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳ පොළ අද 04 දා යමි විවේකයක් ගනු පෙනි ගිය අතර ඒ අනුව දිනය අතර මැද සියළු කොටස් මිල දර්ශකය ආන්තික ලාභ හා අලාභ අතරේ විචලනය වනු පෙණින.

ඉකුත් සතිය තුල කොළඹ කොටස් මිල දර්ශකය ඒකක 200 කට වැඩි ප්‍රමානයකින් ඉහළ ගොස් තිබුණි.

අද දිනයේ වෙළෙඳ පොළ සියළු කොටස් මිල දර්ශකය ඒකක 17.3 කින් ඉහළ යමින් නතර වුයේ ඒකක 5,747.7 ක් ලෙසය. S&P SL20 දර්ශකය ඒකක 17.5 කින් ඉහළ යමින් ඒකක 3,121.7 කට දිනය අවසන් කළේය. දිනයේ දර්ශක ඉහළ යාම සදහා Ceylon Tobacco (+), Nestle Lanka (+), Hatton National Bank (+) සහ Commercial Bank (+) බෙහෙවින් ඉවහල් විය.

ක්‍රෝෂීං හෙවත් කොටස් වෙළෙඳ පොළ කලින් ගිවිස ගත් පුද්ගලික ගනුදෙනු වල බලපැමෙන් අද දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 1,234.4 ක් දක්වා ඉහළ ගියේය.

සමපේක්ෂණ චේතනාවෙන් ගනුදෙනු වු සමාගම් හි යම් විකුණුම් පීඩනයක් දක්නට ලැබුනද ශක්තිමත් සමාගම් විෂයෙහි මිලදි ගැනිමේ ප්‍රවනතා තවදුරටත් දක්නට ලද බව තැරුවිකරුවෝ පවසති.

මේ අනුව මුලධර්ම අතින් ශක්තිමත් සමාගම් විෂයෙහි තවදුරටත් ආයෝජක උනන්දුව පවතින බවද තැරුවිකරුවෝ පවසති.

විදේශ ආයෝජන උනන්දුව තවදුරටත් ක්‍රියාත්මක වන පසුබිමක එය දේශීය ආයෝජකයින්ටත් ඇස් ඇරිමට වන කරුණක් වෙතැයි ද ඔවුහු පවසති.

John Keells Holdings ආයතනගත ආයෝජකයින්ගේ ආකර්ශනයට ලක් වෙමින් අද ක්‍රෝෂීං ගනුදෙනු 07 ක් වාර්තා කල අතර ඒ අනුව එහි කොටස් මිලියන 2.1 ක් රුපියල් 219.9,220.00 හා 220.5 ට හුවමාරු වුයේ දිනයේ පිරිවැටුමට සියයට 43 ක දායකත්වයක් ලබා දෙමිණි.

Hatton National Bank හි මිලියන 02 ක කොටස් ක්‍රෝෂීං ගනුදෙනු 04 කදි අද හුවමාරු වු අතර එහි මිළ ගණන් වුයේ රුපියල් 147 හා 148 ක් ලෙසය.

එහි කොටසක මිල සියයට 01 කින් ඉහළ යමින් අද රුපියල් 148.5 කට ගනුදෙනු අවසන් කළේය.

එහි මිල ඉපයුමි අනුපාතය ඉතා ආකර්ශණිය (7.7X 2013E ) මටිටමක පවතින බවද සදහන්ය.

Asiri Surgical Hospital වෙතද ආයතනගත ආයෝජන විශ්වාශය ඇති වෙමින් රුපියල් 9.5 කට කොටස් මිලියන 14.85 ක් ක්‍රෝෂීං ගනුදෙනු 05 කදි හුවමාරු විය.

දිනය තුල එහි කොටසක මිල 2.2% කින් ඉහළ යමින් රුපියල් 9.4. ක් වුයේ පසුගිය සති 52 ක ඉහළම අගය වාර්තා කරමිණි.

මිට අමතරව, Chevron Lubricants, People’s Finance, Ceylon Tobacco සහ Lion Brewery ද පසුගිය සති 52 ක ඉහළම අගය වාර්තා කළේය.

මිලදි ගැනිමේ උනන්දුව Central Finance, People’s Leasing, Distilleries, Nations Trust Bank, National Development Bank, Nestle Lanka සහ Commercial Bank වෙත දකින්ට ලද අතරේ විකුණුමි උනන්දුව ජනප්‍රීය කොටස් වු Nation Lanka Finance, Environmental Resources Investment වෙත දක්නට ලැබිණි.

සුළු හා මහ පරිමාණ ආයෝජක උනන්දුව Panasian Power, Free Lanka Capital Holdings, Balangoda Plantations, Tess Agro සහ Trade Finance & Investments වෙත දක්නට ලැබිණි.

…………………………………………………………………………………………………………………

AIRPORT investments; මත්තලින් හා කටුනායකින් අපි උඩු ගුවන ජය ගන්නේ මෙහෙමයි

(www.randora.lk-03/01/13)- මත්තල ගුවන්තොටුපොළ තුල ඩොලර් මිලියන 80 ක වියදමකින් ගුවන් යානා නඩත්තු වැඩ බිමක් ඉදි කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරමින් පවතින බව රජයේ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දෙමින් ඊයේ 04 දා කොළඹ දි කීය.

මේ අනුව,චීනයේ,එක්සීම් බැංකුවෙන් අදාල අරමුදල් ලබා ගැනිම සදහා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය කටයුතු කරමින් පවතින බවද හෙතෙම කීය.

ආසියානු හා විශේෂයෙන් ඉන්දියානු වෙළෙඳ පොළ ඉලක්ක කර කටුනායක ගුවන්තොටේ දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම නඩත්තු සේවා සපයන අතර එය මත්තලටත් මේ අනුව ව්‍යාප්ත කරන බවද කියයි.

චීන ආධාර යටතේ ,ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර අන්තර්ජාතික ගුවන්තොටුපොළ ලෙස මත්තල මේ වසරේ විවෘත කිරිමට සැලසුම් කර ඇත.

කටුනායක පුළුල් කරන්න ජපන් බැංකුවෙන් යෙන් බිලියන 28.9 ක ණයක්

මේ අතරේ,ශ්‍රී ලංකා ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම අන්තර්ජාතික සහයෝගිතාවය සදහා වන ජපන් බැංකුවෙන් යෙන් බිලියන 28.9 ක ණයක් කටුනායක ගුවන්තොටේ ව්‍යාප්ත කටයුතු වෙනුවෙන් ලබා ගැනිමට යන බවත් අමාත්‍යවරයා පැවසීය.

නව පර්යන්ත ගොඩනැගිල්ලක් හා සියළු පහසුකම් සපිරි රථ ගාලක් මේ යටතේ ඉදි කිරිමට සැලසුම් කර ඇති අතර එය 2015 දි අවසන් කිරමට නියමිතය.

………………………………………………………………………………………………………….

එව බලව!මේ පැබැදුම

තොප්පි දා ගත්ත පාට කණ්නාඩි
රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්

පාට කණ්නාඩියෙ රඟේ අරැමය
දාත්තම පේන්නෙ ඔක්කොම
ඒ පාටටම පාට වෙලා අඳුරැ වෙලා
ගලවන්න තියන අමාරැව ගැන
අනේ අපොයි කියලා වැඩක් නෑ

පුංචි වැස්සක් වැහැල උනත්
ජාති ජන්මෙට දේදුන්නක් පායනවා
පායලා යස රඟට රටම පිනවනවා
දකින්න හඟින්න පිනක් නම් නෑ

ඒත් ඒකට මොකෝ සාක්කුව පිරෙනවා
අකලට වට වැස්ස වගෙ ඉතිරිලා ගලනවා
ගරැ නම්බු බුහුමනින් පිදු පදවි ලබනවා
අන්ධ වී මන්ද වී වැජඹෙන්න ලැබෙනවා

ලෝවැඩ සඟරාවෙ කවියෙ කිව්වා වාගෙ
“කුමටද කා බී නිති සැරසෙන්නේ
කොතැනද මේ කය අරගෙන යන්නේ”
කවදා කොහොම මේක තේරේවිද මන්දා

නිදා ගන්න වෙලාවට කණ්නාඩිය ගැලෙව්වම
හිතේ ඇති අසහනය නිදි වරාලන හින්දා
කටට ගත් මීවිතත් නිරස රස වුනු හින්දා
හෙට උදේ පාන්දර නැවත දා ගන්නවා

රජවුනත් බලු වුනත් සාක්කුව පිරෙනවා
වාසි පිළ රජකරන පාට කර බලනවා
පාටෙ අඳුරක් වුනොත් පිළ මාරැ කරනවා
අලුත් පාටක් බලන කණ්නාඩි ලැබෙනවා

“ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ”
කියා දුන්න කම් රස කෙළියේ සැප නැති බව
කෙසේ කවදා නම් ඔය මොළ ගෙඩියට වැටහේද

දාගත්ත තොප්පියේ බර
දරා ගත නොහැකි බව
ඔබ හිසට නොවූවත්
ලක් මවට
ඇගෙ දයාබර දරැවන්ට
දරා ගන්නට නොහැකි
මහ ගල්කුළක් වැනිය

මොලේ කළඳක් ඇතොත්
හිතන්නකො ගලවන්න
පාට කණ්නාඩි ඔබෙ
ලා ගන්න පාට නැති
නිරවුල්ව නිවහල්ව
යසට දුර ඈත දැක
ඉරා බැඳි කඩතුරා
දැකිය හැකි කණ්නාඩි

ලොවම ඔබ සනසාවි සනසලා පින් දේවි
ඒ පිනෙන් ඔබත් ඔබ දරැවනුත්
නැහැවිලා ඉතිරිලා ඉහවහලා සපිරිලා
අන්ධ බව දුරැ වෙලා යෙහෙන් ඔබ වැජඹේවි !
…………………………………………………………………………………

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Venura9's Blog

Ordinary and Random Tech Tweep

randora.lk

Randora.lk is a path breaking online information dissemination service that caters exclusively to the financial sector and provides critical information in the Sinhala language.

නැණත

තොරතුරු තාක්ෂණයේ ශ්‍රී ලාංකීයකරණය

Management in Sinhala

කළමනාකරණය සිංහලෙන් - Nishantha Kamaladasa

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

marketing / social media / apple blog

Tidbits of Social Media, Latest Apple News, Startups & more...

The WordPress.com Blog

The latest news on WordPress.com and the WordPress community.

%d bloggers like this: